ශ්රී ලංකාවේ කි‍්‍රකට් ලකුණු සටහන් කරුවන් අතර ජාත්‍යන්තර තරගයකදී ලකුණු සටහන් කළ පළමු ලකුණු සටහන්කාරිනිය ලෙස චේතනා සූරසිංහ මහත්මිය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයට එක්වූවාය. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයේදී ඇය ශී‍්‍ර ලංකාවේ පළමු ලකුණු සටහන්කාරිනිය ලෙස ඉතිහාසයට එකතු වූවාය.
චේතනා, කොදෙව් සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී ද ලකුණු සටහන්කරන නිලධාරිනිය ලෙස කටයුතු කළාය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට 2003 වසරේ සම්බන්ධ වී ඇති චේතනා ශාන්ත පීතර, සහිරා, වෙස්ලි සහ එඬේරමුල්ල ශාන්ත ජෝශප් යන විදුහල්වල ලකුණු සටහන් නිලධාරිනිය ලෙස කටයුතු කර තිබේ.
චේතනා මේ වන විට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ක‍්‍රීඩා උපෙදේශිකාවක් ලෙස කටයුතු කරන අතර ඇය රන්පොකුණුගම බාලිකා විදුහලේ සහ කෑගල්ල මහ විදුහලේ ආදි ශිෂ්‍යාවකි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සභාපති චමින්ද ද සිල්වා මහතා පැවසුවේ තම සංගමයේ ක‍්‍රිකයාකාරී සාමාජිකාවන් හත්දෙනකු පමණ සේවය කරන බවත් ශී‍්‍ර ලංකාවේදී පැවති අන්තර්ජාතික තරගයකදී ලකුණු සටහන්කාරිනියක් කටයුතු කළ පළමු අවස්ථාව මෙය බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.