ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර චෙන්නායිහිදී අද (04) පැවැති දිනයේ පළමු තරගයෙන් ලකුණු 24 ක ජයක් ලැබූ චෙන්නායි පිල නැවතත් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.
චෙන්නායි පිල තරග 10 කට සහභාගි වී ජයග‍්‍රහණ 7 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 14 ක් ලබමින් ශුද්ධ ලකුණු වේගය අනුව නැවතත් පළමු ස්ථානයට පැමිණියේය.
රාජස්ථාන් රෝයල් පිල තරග 11 කදී ජයග‍්‍රහණ 6 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා ඊයේ (03) පළමු ස්ථානයට පත්වුව ද අද නැවතත් දෙවැනි තැනට වැටුණි.
ලකුණු 149 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය බැංගලෝර් පිල ඕවර 19.4 කදී ලකුණු 124 කට සීමා විය.
විරාට් කෝලි (48) සහ දිනේෂ් කාර්තික් (23) සිවුවැනි කඩුල්ලට ලකුණු 63 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ආවද පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වැළද ගැනීමට සිදුවිය.
ප‍්‍රවේගකාරී පිතිකරු ඒ. බී. ඩිවිලියස් පන්දු 14 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 21 ක් ලබා දැවී යෑම බැංගලෝර් පරාජයට ප‍්‍රධාන හේතුවක් විය.
සුරේෂ් රයිනා පන්දු 46 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
චෙන්නායි පිලේ ප‍්‍රවේගකාරී පිතකිරු බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 15 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 20 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
ඞ්වේන් ස්මිත් පන්දු 6 කදී ලකුණු නොලබා දැවී යෑම චෙන්නායි පිලට දැඩි පාඩුවක් බවට පත්විය.
චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 9 ට 148
(බ්‍රෙන්ඩන් මැකලම් 20, සුරේෂ් රයිනා 52, ෆෆ් ඩූ ප්ලීසිස් 24, මහේන්ද්‍ර සිං 29, මඅචෙල් ස්ටාක් 24/3, ඬේවිඞ් විසි 29/2, හර්ෂාල් පටෙල් 19/2)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 124
(ඒ. බී. ඩිවිලියස් 21, විරාට් කෝලි 48, දිනේෂ් කාර්තික් 23, ඬේවිඞ් විසි 17, ඉෂ්වාර් පාන්ඬේ 28/2, අෂීෂ් නෙහෙරා 19/3, ඞ්වේන් බ‍්‍රාවෝ 17/2)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.