
මෙවර (2022) ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් වසරේ (2021) ශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ අනු ශූරයන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙම මස 26 වැනිදා පස්වරු 7.30 ට මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
කොරොනා වසංගතය හේතුවෙන් මෙවර තරගාවලියේ මූලික වටය ක්‍රීඩාංගණ 4 කට සීමා කර ඇති අතර ඉන් ක්‍රීඩාංගණ 3 ක් මුම්බායි නගරයේද, එක් ක්‍රීඩාංගණයක් පූනේ නගරයේද පිහිටා තිබේ. මුම්බායිහි වැන්කඩේ සහ ඩී.වයි. පටෙල් යන ක්‍රීඩාංගණවලදී තරග 20 බැගින්ද, මුම්බායිහි බ්‍රැබෝන් ක්‍රීඩාංගණයේදී සහ පූනේහි එම්.සී.ඒ. ක්‍රීඩාංගණයේදී තරග 15 ක බැගින්ද පැවැත්වේ.
මෙම මස 26 වැනිදා සිට මැයි මස 22 වැනිදා දක්වා දින 58 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේදී තරග 70 ක් පැවැත්වෙනු ඇත. තරගාවලියේ අවසන් වටයේ තරග සැකැස්ම තවමත් එළිදක්වා නොමැති නමුත් වාර්තා වන ආකාරයට එය මැයි මස 24 වැනිදා සිට 29 වැනිදා දක්වා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මේ දක්වා පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි 14 න් 5 කදීම ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දිනා ඇති ශූරතා සංඛ්‍යාව 4 කි. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ශූරතා 2 කටද, රාජස්ථාන් රෝයල්ස්, ඩෙකෑන් චාර්ජර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් එක් ශූරතාව බැගින්ද දිනා තිබේ.
මෙවර තරගාවලියේදී කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ.
‘ඒ’ කාණ්ඩය
■ මුම්බායි ඉන්දියන්ස්
■ කොල්කටා නයිට් රයිඩර්ස්
■ රාජස්ථාන් රෝයල්ස්
■ දිල්ලි කැපිටල්ස්
■ ලක්නව් සුපර් ජයන්ට්ස්
‘බී’ කාණ්ඩය
■ චෙන්නායි සුපර් කිංග්ස්
■ සන්රයිසස් හයිද්‍රාබාද්
■ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්
■ පන්ජාබ් කිංග්ස්
■ ගුජරාට් ලයන්ස්
-036



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.