ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා මෙන්ම ප්රබලතම පිතිකාරිය වන චමරි අතපත්තු පුහුණුවීම් අතරතුරදී තුවාල ලැබීම නිසා කොදෙව් පිලට එරෙහිව හෙට (13) ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවැනි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.
චමරිගේ දකුණු අතේ සිවුවැනි සහ පස්වැනි ඇගිලි තුවාල වී ඇති අතර එයට මැහුම් 16 ක් පමණ යොදා ඇති බව වාර්තා වේ. චමරි පසුගිය 4 වැනිදා ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයේ ව්‍යායාම සැසියට සහභාගි වෙමින් සිටියදී බර ඉසිලීමේ උපකරණ දෙකකට අත තදවීමෙන් තුවාල ලැබුවාය.
තුවාල ඉක්මනින් සුවවීම සදහා වැඩි මැහුම් සංඛ්‍යාවක් යොදා ඇති බවත් මේ වන විට තුවාලය සුව වෙමින් පවතින බවත් දැනගන්නට තිබේ.
උප නායිකා ඒෂානි ලොකුසූරිය නායිකාව ලෙස කටයුතු කිරීමට නියමිත අතර චමරිගේ ස්ථානයට ආරම්භක පිතිකාරිනියක් වන යශෝධා මෙන්ඩිස් සංචිතයට කැදවා සිටින්නීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.