Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන තෝරාගෙන ඇත.
අයි.පී.එල්. තරගාවලියේ කාන්තා තරගාවලිය නොවැම්බර් 4 සිට 9 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියට ට්‍රේල්බ්ලේසර්ස්, වෙලෝසිටි සහ සුපර්නෝවාස් යන කණ්ඩායම් සහභාගිවීමට නියමිතය. සමස්ත තරගාවලියම තරග 4 කින් සමන්විත වන අතර සියලුම තරග සාජාහිදී පැවැත්වීමට නියමිතව ඇත.
පිරිමි අයි.පී.එල් තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතව ඇති අතර, කාන්තා තරඟාවලිය ඊට දිනකයට පෙර අවසන් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඔක්තෝබර් දෙවන සතිය වන විට ක්‍රීඩිකාවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පියාසර කිරීමට අපේක්ෂා කරන අතර පැමිණීමෙන් අනතුරුව දින හයක අනිවාර්ය නිරෝධායන කාලයකට ඔවුන් යටත් විය යුතුය.
පසුගිය මාස කිහිපය තුළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම තරග ආකාර අතරින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව බවට පත්වීමට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්වූවාය. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරඟයකදී එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 78 ක් රැස් කළ අතපත්තු, ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක් ගෙන දීමටද සමත් වූවාය. පළමු වටයේ තරඟයකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වේගවත් ලකුණු 50 ක් රැස් කළ අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්ෂිකව ලබාදෙන ක්‍රීඩක ගිවිසුමේ ‘ඒ’ කාණ්ඩය යටතේ සිටින එකම ක්‍රීඩිකාවද වන්නේය.
ශෂිකලා සිරිවර්ධන මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගවලදී කඩුලු 124 ක් සහ ලකුණු 2029 ක් ලබාගෙන ඇත. කඩුලු 100 ක් ලබාගත් එකම ක්‍රිකට් ක්‍රීඩිකාව ශෂිකලා වන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගවලදී කඩුලු 100 ක් සහ ලකුණු 1000 ක් ලබාගත් එකම ක්‍රිකට් ක්‍රීඩිකාව වන්නේද ඇයයි.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා විස්සයි 20 නායිකා චමරි අතපත්තු අභිබවා යමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී 6 වැනි ස්ථානයට පත්වීමට ශශිකලා සමත්වූවාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනියට වැඩිම විස්සයි 20 ලකුණු (1097) ලබා ගත් ක්‍රීඩිකාව වන ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 තරග වලදී වැඩිම කඩුලු (77) ලබාගත් පන්දු යවන්නිය වන්නේද ඇයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.