Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චන්දිමාල්ට, සීකුගේට, සුරංගට උපහාර

චන්දිමාල්ට, සීකුගේට, සුරංගට උපහාර

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

විස්සයි 20 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනෙ කළ දකුණු පළාතෙන් බිහිවූ කි‍්‍රකට් කී‍්‍රඩකයන් තිදෙනෙකු වන දිනේෂ් චන්දිමාල්, සීකුගේ ප‍්‍රසන්න හා සුරංග ලක්මාල් පිළිගැනීමේ උත්සවයක් ලබන ඉරිදා (27) පස්වරු 3ට අම්බලන්ගොඩ නගරාධිපති නීතිඥ අරුණ ප‍්‍රදීප් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ නගර සභා ශාලාවේදී පැවැත්වේ.

අම්බලන්ගොඩ නගරසභා කි‍්‍රකට් ඇකඩමියේ ප‍්‍රධාන කි‍්‍රකට් පුහුණු උපදේශක ජී. අශෝක කුමාර මහතාගේ සම්බන්ධීකරණයෙන් එම නගර සභා කි‍්‍රකට් ඇකඩමිය මේ පිළිගැනීමේ උත්සවය සංවිධානය කරයි.

එදින (27) අම්බලන්ගොඩ පොලීසිය අසලදී මේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් තිදෙනා පිළිගැනීමෙන් අනතුරුව රිය පෙරහරකින් ඔවුන් තිදෙනා අම්බලන්ගොඩ නගරසභා ශාලාව වෙත කැඳවාගෙන විත් උපහාර දැකිවීමට කටයුතු යොදා තිබේ.

 


අදහස් (1)

චන්දිමාල්ට, සීකුගේට, සුරංගට උපහාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.