Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චන්දිමාල්ගෙන් අභියාචනයක්

චන්දිමාල්ගෙන් අභියාචනයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල්ට පනවා ඇති තරගයක තහනමට එරෙහිව දිනේෂ් චන්දිමාල් අභියාචනයක් ඉදිරිපත් කරඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. 

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කෙදෙව් පිල අතර ශාන්ත ලුසියාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පැණිරස මුසු ඛේඨය පන්දුවේ අතුරමින් පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට ශ්‍රී ලංකා ටෙස්ට් නායක චන්දිමාල්ට චෝදනා කෙරිණ. මෙම චෝදනාව විභාග කිරීමෙන් පසුව තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා විසින් චන්දිමාල්ට ටෙස්ට් තරගයක් තහනම් කරන ලද අතර ඔහුගේ සම්පූර්ණ තරග මුදලම දඩ වශයෙන් නියම කළේය. 

චන්දිමාල්ගේ තහනම පිළිගැනීමට සූදානම් නොවන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ශ්‍රී ලංකා පිලේ  කළමණකාකරුවාට සහ පුහුණුකරුවාටද මුහුණ දීමට සිදුවිය හැකි තහනමක් වෙනුවෙන් නීතිමය රැකවරණ ලබාගැනීමට සූදානම් වෙයි. තරග තීරකවරයාගේ විමර්ශනයෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නායක දිනේෂ් චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහ යන තිදෙනාම ක්‍රීඩාවේ යහපැවැත්ම බිඳ වැටෙන ආකාරයේ තුන්වැනි මට්ටමේ වරදක් කර ඇති බවයි. 

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දින පෙරවරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ චෝදනාව නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයට පිවිසීම ප්‍රතික්ෂේප කළහ. මෙම විරෝධතාව හේතුවෙන් තරගය ආරම්භ වීම දෙපැයක් ප්‍රමාද වූවත් පසුව පැවැති පරීක්‍ෂණයේදී ශ්‍රී ලංකා නායකයා අදාළ චෝදනාවට වැරදිකරු කෙරිණ. 

පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ විරෝධතාව සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම එහි කළමණාකාරීත්වයට චෝදනා එල්ල වී තිබේ. එහිදී වැරදිකරුවන් වී තිබෙන්නේ නායක චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සහ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා යන තිදෙනාය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සූදානම් වන්නේ විනිශ්චය සභාවක් පත්කිරීම මගින් චන්දිමාල්, ගුරුසිංහ සහ හතුරුසිංහ තිදෙනාටම එල්ල වී තිබෙන චෝදනා විභාග කිරීමටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභිප්‍රාය වී ඇත්තේ ගුරුසිංහ මහතාට සහ හතුරුසිංහ මහතාට එල්ල වියහැකි දඬුවමකින් ඔවුන් දෙදෙනා මුදවා ගැනීමයි. ඒ වෙනුවෙන් තමන්ගේ පාර්ශ්වය නිර්දෝෂී යයි කියා පෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. 

තුන්වැනි මට්ටමේ වරදක් හේතුවෙන් ටෙස්ට් තරග දෙකක හෝ හතරක තහනමක් පැනවිය හැකි අතර යම් හෙයකින් ඔවුන් වැරදිකරුවන් වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම චරිත කිහිපයට දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ හරි අඩක් හෝ තරගාවලියම අහිමි වනු ඇත. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මස 12 වැනිදා ආරම්භ වේ. 


අදහස් (0)

චන්දිමාල්ගෙන් අභියාචනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.