Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදාපති කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 8 ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන ඩීමෝ වොරියර්ස් කණ්ඩායම සමත් වී තිබේ. වොරියර්ස් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණ ඇත්තේ මේ දක්වා සහභාගී වූ තරග 4 න් 3 ක් ජයගෙන, එක් තරගයක් පරාජයට පත්වී ප්‍රසාද ලකුණු 12 ක් ලබා ගනිමිනි.
තිසර පෙරේරා නායකත්වය දරන මෙල්බන් බස්නාහිර වොරියර්ස් කණ්ඩායම සහ සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන සුපර් ෆැෂන් උතුර වොරියර්ස් කණ්ඩායම පිළිවෙලින් ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. අතර අසේල ගුණරත්න නායකත්වය දරන ප්‍රීමා ස්ටෙලා නැගෙනහිර වොරියර්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයයි.
මේ දක්වා තරග 4 කට බැගින් සහභාගි වී ඇති බස්නාහිර සහ උතුර කණ්ඩායම් ඉන් තරග 2 ක් ජයගනිමින් සහ 2 ක් පරාජය වෙමින් ලකුණු 8 බැගින් ලබා සම තත්වයේ පසුවේ. කෙසේ වුවත් එම කණ්ඩායම්වල දල ලකුණු වේගයට අනුව බස්නාහිර කණ්ඩායම දෙවැනි ස්ථායටත්, උතුර කණ්ඩායම තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.
මේ දක්වා පැවැති තරගවලදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 156 ක් ලබා සිටින බස්නාහිර කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණගෙන සිටියි. ඔහුට නොදෙවෙනි පිතිහරඹයක නිරත වෙමින් සිටින දකුණ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අර්ධ ශතකයක් සමග ලකුණු 149 ක් ලබා එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටී.
බස්නාහිර කණ්ඩායමේ නායක තිසර පෙරේරා තරග 4 කදී කඩුලු 10 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ හිමිකරගෙන සිටියි. දකුණ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ බස්නාහිර කණ්ඩායමේ යශෝධ මෙන්ඩිස් කඩුලු 7 බැගින් දවාගෙන පිළිවෙලින් එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති.
තරගාවලියේ මූලික වටය යටතේ පැවැත්වෙන අවසන් තරග 4 අද (10) සහ හෙට (11) හොරණ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහ තරගය ලබන 17 වැනිදා අනුරාධපුර, සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමග රුපියල් 150,000 ක මුදල් ත්‍යාගයක්ද, අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට අනු ශූරතා කුසලාන සමග රුපියල් 75,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. තරගාවලියේ වීරයා, දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා සඳහා රුපියල් 25,000 ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.