Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චතුරංගට එක්දින පිලේ දොර ඇරෙයි

චතුරංගට එක්දින පිලේ දොර ඇරෙයි

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 25 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සඳහා වමතින් දග පන්දු යවන කී‍්‍රඩකයකු වන චතුරංග ද සිල්වා ශී‍්‍ර ලංකා පිලට කැඳවා තිබේ.

විශ්වාසය තැබිය හැකි මැද පෙළ පිතිකරුවකුද වන චතුරංග ද සිල්වා පසුගිය වසර අගදී ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල නියෝජනය කරමින් නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව ඉතාමත් හොඳින් තරග කළ අතර ඉකුත් සෙනසුරාදා (15 වැනිදා) පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අවසන් වූ සිවු දින තරගයේදීද එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව පිත්තන් මෙන්ම පන්දුවෙන්ද හොඳ දස්කම් පෙන්වීමට සමත් විය.

ආසියානු කුසලාන තරගාවලියේදී අශාන් පි‍්‍රයන්ජන් සිය ස්ථානය රැකගත් නමුත් ඇන්ජලෝ පෙරේරාට ස්ථානය අහිමි වී තිබේ.


ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, අශාන් පි‍්‍රයන්ජන්, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලස්කර, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ චතුරංග ද සිල්වා

ඡායාරූප - ශාන්ත රත්නායක

 


අදහස් (0)

චතුරංගට එක්දින පිලේ දොර ඇරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.