වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල සහ ඞීමෝ පිල අතර කොළඹ තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 46 ක ජයක් අත්කර ගැනීමට ඞීමෝ පිල සමත්විය.
වර්ෂාව නිසා තරගයේ එක් ඉනිමක් ඕවර 20 කට සීමා කෙරුණ අතර ජයග‍්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය කොමාර්ෂල් ක්‍රෙඩිට් පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 122 ක් පමණි.
එහිදී ඕවර 4 ක් යවමින් ලකුණු 18 කට කඩුලූ 4 ක් දවාගත් ඞී. එච්. තරංග, කොමාර්ෂල් ක්‍රෙඩිට් පිලේ මැද පෙළ සුනුවිසුණු කර දැමුවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඞීමෝ පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 168 ක් රැස්කළේය.
ඞීමෝ පිල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 168
(රවීන් ශාමෙන් 32, දිනේෂ් චන්දිමාල් 24, නිපුන් කරුණානායක 38, ඞී. එච්. තරංග 23, එම්. ඒ. මධුෂාන් නොදැවී 32, ඞී. කේ. සිල්වා 25/2)
කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 122
(ටී. එස්. වීරකෝන් 20, ඞී. එම්. සරත්චන්ද්‍ර 27, ඒ. ඒ. ඩයස් 26, ඞී. එච්. තරංග 18/4, එම්. ඒ. මධුෂාන් 21/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.