Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 64 ක ජයක් වාර්තා කරමින් මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී සෙසු කණ්ඩායම් වලට එරෙහිව පැවැති තරග සියල්ල ජයගත් යාපනය කණ්ඩායම, ගාල්ල කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ තෙවැනි අවස්ථාව මෙය විය.
මෙම තරගයෙන් පරාජය වුවද, යාපනය කණ්ඩායමට අවසන් මහ තරගයට පිවිසීමට තවත් අවස්ථාවක් හිමිවන අතර ඒ සඳහා ඔවුන් අනිද්දා (21 වැනිදා) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල කණ්ඩායම පරාජය කළ යුතුය. ඊයේ පැවැති පිළිමළුන් පිටුදැකීමේ තරගයේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 6 ක ජයක් ලබමින් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්හ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නුවන් තුෂාර (13/5) ප‍්‍රමුඛ ගෝල් ග්ලැඩියේටර්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රාහ්මනුල්ලා ගුර්බාස් පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගලකුණු 59 ක් රැස්කරමින් යාපනය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.
අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කළ වනිඳු හසරංග හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 15 කින් ලකුණු 29 ක් රැුස්කළද, ඔහුට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර ආපසු ගොස් කී‍්‍රඩාගාරයේ අසුන් ගැනීම කිංග්ස් කණ්ඩායමට විශාල පාඩුවක් විය.
කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 188 ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කුසල් මෙන්ඩිස් (85) සහ ධනුෂ්ක ගුණතිලක (55) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්හ.
එහිදී පන්දු 53 කට මුහුණදුන් මෙන්ඩිස් හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. මෙම ඉනිමත් සමග මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට පැමිණීමටද මෙන්ඩිස් සමත් වූ අතර තරග 9 කදී අර්ධ ශතක 2 ක් සමග මේ වන විට ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 288 කි. පන්දු 42 කදී වාර්තා වූ ධනුෂ්කගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. නායක භානුක රාජපක්ෂ පන්දු 15 කින් ලකුණු 25 ක් රැස්කළේ හයේ පහර 3 ක් සමගිනි.
ගෝල් ග්ලැඩියේටර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 188
(කුසල් මෙන්ඩිස් 85, ධනුෂ්ක ගුණතිලක 55, භානුක රාජපක්ෂ 15, තිසර පෙරේරා 36/2, වහබ් රියාස් 39/2)
ජැෆ්නා කිංග්ස් පිල - ඕවර 16.5 කදී සියලූ දෙනා දැවී 124
(රාහ්මනුල්ලා ගුර්බාස් 59, වනිඳු හසරංග 29, නුවන් තුෂර 13/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.