Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුළ විදුහලට කඩුලූ 10 ක විශිෂ්ට ජයක්

ගුරුකුළ විදුහලට කඩුලූ 10 ක විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාගංණයේදී පැවැත්වෙන 25 වැනි ‘කැලණි සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ගුරුකුල විදුහල අද (14 වැනිදා) සමත්විය.

තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය වූ ලකුණු 27,  ඕවර 5.1 ක් තුළදී කිසිවකු නොදැවී රැස්කිරීමට ගුරුකුල විදුහලේ ආරම්භක පිතිකරු යුගලය වන හෂාන් දුමිඳු (16) සහ රොෂාන් අනුරුද්ධ (14) සමත්වූහ. ඒ අනුව මෙම තරගය දෙවැනි දිනයේ තේ පානයටත් පෙර අවසන් විය.

අද දිනයේදී තරගය ආරම්භ කරමින් තම දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි ධර්මාලෝක විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 89 ක් පමණි. ධර්මාලෝක දෙවැනි ඉනිම වැනසූ ගුරුකුල විදුහලේ ජයමාල් වන්නිආරච්චි ලකුණු 34 කට කඩුලූ 5 ක් දවාගත් අතර ලකුණු 36 කට කඩුලූ 3 ක් දවාගත් රොෂාන් අනුරුද්ධ ඔහුට අනගි සහයක් දුන්නේය.

තරගයේ පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම අවසන් කළ ගුරුකුල විදුහල සියලූ දෙනා දැවී ලකුණු 183 ක් රැස්කළේය. එහිදී වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ගුරුකුල විදුහලේ නායක හෂාන් දුමිඳු පන්දු 115 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 105 ක් රැස්කිරීමට සමත්විය.

පළමු දිනයේදීම ගුරුකුල පිතිකරුවන් අසරණ තත්වයකට අද දැමූ තිවංක කැකුළුගොඩ ලකුණු 53 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ඔහුට අනගි සහයක් දුන් නිෂාන් හසරැල් ලකුණු 54 කට කඩුලූ 3 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ ගුරුකුල විදුහල, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ධර්මාලෝක විදුහලට ආරාධනා කර සිටි අතර සියලූ දෙනා දැවී ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.

ධර්මාලෝක විදුහලේ කිසිදු පිතිකරුවකුට ලකුණු 50 සීමාව ඉක්මවා යෑමට ගුරුකුල විදුහලේ පන්දුයවන්නන් ඉඩ නොදුන් අතර රොෂාන් අනුරුද්ධ, හෂාන් දුමිඳු, ජයමාල් වන්නිආරච්චි කඩුලූ 3 බැගින් බිඳහෙළමින් ධර්මාලෝක පළමු ඉනිම 121 කට සීමා කළහ.

තරගයේ වීරයාට හිමි සම්මානය සහ දක්ෂතම පිතිකරුට හිමි සම්මානය යන සම්මාන 2 ම තමන් සතු කරගැනීමට පන්දුවෙන් (ලකුණු 53 කට කඩුලූ 5) මෙන්ම පිත්තෙන්ද (ලකුණු 121) දස්කම් දැක්වූ ගුරුකුල විදුහලේ නායක හෂාන් දුමිඳු සමත්විය.

ගුරුකුල විදුහලේ ජයමාල් වන්නිආරච්චි දක්ෂතම පන්දුයවන්නා ලෙසත්, කඩුලූ රකින කී‍්‍රඩක ලිසුල ලක්ෂාන් දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනාගත්හ.


ධර්මාලෝක විදුහල - පළමු ඉනිම -  ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 121
(කුසල් අශේන් 39, තරිඳු මදුසංක 20, රොෂාන් අනුරුද්ධ 26/3, හෂාන් දුමිඳු 48/3, ජයමාල් වන්නිආරච්චි 32/3)

ගුරුකුල විදුහල - පළමු ඉනිම -  ඕවර 44.3 කදී සියලූ දෙනා දැවී 183
(හෂාන් දුමිඳු 105, රොෂාන් අනුරුද්ධ 27, තිවංක කැකුළුගොඩ 53/5, නිෂාන් හසරැල් 54/3)

ධර්මාලෝක විදුහල - දෙවැනි ඉනිම -  ඕවර 40.3 කදී සියලූ දෙනා දැවී 89
(සමිත රංග 25, තිවංක කැකුළුගොඩ 19, ජයමාල් වන්නිආරච්චි 34/5, රොෂාන් අනුරුද්ධ 36/3, හෂාන් දුමිඳු 5/2)

ගුරුකුල විදුහල - දෙවැනි ඉනිම -  ඕවර 5.1 කදී කිසිවකු නොදැවී 30
(හෂාන් දුමිඳු 16, රොෂාන් අනුරුද්ධ 14)


අදහස් (1)

ගුරුකුළ විදුහලට කඩුලූ 10 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.