අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විදුහල සහ කැළණිය ගුරුකුළ විදුහල අතර කෝට්ටේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගුරුකුළ විදුහල සමත්විය.
තරගය නිමා වනවිට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ගුරුකුළ විදුහල කඩුලූ 2 ක් දැවී ලකුණු 96 ක් ලබාසිටියේය. ගුරුකුළ විදුහලේ ජයමාල් වන්නිආරච්චි ලකුණු 91 ක් ලබාසිටියදී ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවීගියේය.
ගුරුකුළ විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලාභීන්වූ ශෂින් දිල්රංග (74), තරිඳු තාරක (68) සහ ලහිරු චාමර (50) තම කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු තත්ත්වය 400 සීමාව ඉක්මවා ගෙනයෑමට ජයමාල්ට අනගි සහයක් දුන්හ.
වර්ෂව නිසා කී‍්‍රඩාංගණය තෙත බරිතව පැවතීම හේතුවෙන් ඊයේ දිනයේදී තරගය තරමක් පමාවී ආරම්භ කළ අතර දිනය තුළදී කී‍්‍රඩා කළහැකි වූයේ ඕවර 40 ක් පමණි.
ගුරුකුළ විදුහල පළමු ඉනිම - ඕවර 83 කදී සියලූදෙනා දැවී 432
(ජයමාල් වන්නිආරච්චි 91, ශෂින් දිල්රංග 74, තරිඳු තාරක 68, ලහිරු චාමර 50, කසුන් මධුසංක 38, ලිසුල ලක්ෂාන් 27, කි‍්‍රස්ටි අශාන් 20, මොහොමඞ් හාලන් 118/5, කවිඳු වීරතුංග 67/2)
ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 38 කදී සියලූදෙනා දැවී 123
(වසික බොතේජු 29, දිසාල වීරතුංග 18, නවෝද් කලන්සූරිය 16, තරිඳු තාරක 7/3, ජනිත් ප‍්‍රමෝද් 39/3, චාමක දිල්ෂාන් 8/2)
ගුරුකුළ විදුහල දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුලූ 2 කට 96
(ශෂින් දිල්රංග නොදැවී 35, කසුන් මධුසංක 34)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.