ජයමාල් වන්නිආරච්චි (91), ශෂින් දිල්රංග (74), තරිඳු තාරක (68) සහ ලහිරු චාමර (50) අර්ධ ශතක ලබාගත් හෙයින් අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදුන් ගුරුකුළ විදුහලට සිය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 432 ක් රැස්කිරීමට හැකිවිය.
එහිදී ජයමාල් වන්නිආරච්චි ලකුණු 91 ක් ලබාසිටියදී ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවීගියේය.
දිනය නිමා වනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ජනාධිපති විදුහල ලකුණු 25 කට කඩුලූ 2 දැවී අසීරු අඩියක පසුවූ අතර චාමක දිල්ෂාන් එම කඩුලූ දෙකේම හිමිකරුවා බවට පත්විය.
ගුරුකුළ විදුහල පළමු ඉනිම - ඕවර 83 කදී සියලූදෙනා දැවී 432
(ජයමාල් වන්නිආරච්චි 91, ශෂින් දිල්රංග 74, තරිඳු තාරක 68, ලහිරු චාමර 50, කසුන් මධුසංක 38, ලිසුල ලක්ෂාන් 27, කි‍්‍රස්ටි අශාන් 20, මොහොමඞ් හාලන් 118/5, කවිඳු වීරතුංග 67/2)
ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 9.4 කදී කඩුලූ 2 කට 25
(චාමක දිල්ෂාන් 8/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.