කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති 25 වැනි වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 118 ක ජයක් ලැබූහ.
ගුරුකුල විදුහල වාර්ෂික එක්දින තරගය ජය ලැබූ 11 වැනි වසර මෙය වේ.
මෙහිදී ගුරුකුල විදුහල් නායක ලිසුල ලක්‍ෂාන් පන්දු 109 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමග ලකුණු 101 ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ගුරුකුල විදුහල ඕවර 50 යේදී කඩුලූ 9 ට 253
(ජනිත් ප‍්‍රමෝද් 53, ලිසුල ලක්‍ෂාන් 101, තිවංක කැකුළුවල 31/3, සමිත රංග 30/2)
ශ්‍රී ධර්මාලෝක විදුහල ඕවර 39.2 කදී සියලූ දෙනා දැවී 135
(රිසිත් උපමාල් 70, ජයමාල් වන්නිආරච්චි 23/5, තරිඳු තාරක 39/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.