Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල පිලට ලකුණු 147 ක දැවැන්ත ජයක්

ගාල්ල පිලට ලකුණු 147 ක දැවැන්ත ජයක්

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සධීර සමරවික්‍රමගේ (130) වේගවත් පිතිහරඹයත්, මාලින්ද පුෂ්පකුමාරගේ (24/4) පන්දු යැවීමත් හමුවේ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ලකුණු 147 කින් ජයගැනීමට ගාල්ල කණ්ඩායම අද (8 වැනිදා වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 348 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායමට ඕවර 42.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 200 ක් පමණි.

කොළඹ කණ්ඩායමේ ලකුණු පුවරුව දෙකක් වනවිටදී පළමු කඩුල්ල ලෙස ඩිල්ශාන් මුණවීර දැවීයාමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල සදහා එක්වූ ශෙහාන් ජයසූරිය සහ ළහිරු තිරිමාන්න ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය ලකුණු වේගය රඳවා ගනිමින් පන්දු 115 කදී ලකුණු 127 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

අර්ධ ශතකයක් ලබාගත් ශෙහාන් ජයසූරිය පන්දු 65 කදී හයේ පහර 10 ක් සමගින් ලකුණු 70 ක් රැස්කළ අතර ළහිරු තිරිමාන්න පන්දු 53 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 48 ක් රැස්කිරීමට සමත්විය.

මුළු ලකුණු සංඛ්‍යාව 129 ක් වනවිට දෙවැනි කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න දැවීයාමක් සමගින් ලකුණු 6 ත් තුළ කඩුලු 4 ක් දැවීයාමෙන් කොළඹ කණ්ඩායමේ ඉනිම කඩා වැටීම ආරම්භවිය.

කොළඹ කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 47 ක් තුළ දවාගත් ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නෝ ජයග්‍රහණය සනිටුහන් කරගත්හ.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ මාලින්ද පුෂ්පකුමාර සිය ඕවර 10 නිලකුණු ඕවර 3 ක් ද සමගින් ලකුණු 24 කට සිමාකරමින් කඩුලු 4 ක් දවාගත්තේය. දසුන් ශානක, සීකුගේ ප්‍රසන්න සහ සුරංග ලක්මාල් කඩුලු 2 බැගින් දවාගනිමින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණයට දායකවූහ.

කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායම පළමු පන්දුවට පහරදෙමින් ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 347 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ සධීර සමරවික්‍රම සහ රමිත රඹුක්වැල්ල දෙවැනි කඩුල්ල සදහා පන්දු 124 කදී පැවැත්වූ ලකුණු 129 ක සම්බන්ධතාවය හේතුවෙන් ගාල්ල කණ්ඩායමට ලකුණු 350 සීමාව ආසන්නයට යෑමට හැකිවිය.

සධීර සමරවික්‍රම පන්දු 118 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 130 ක් සහ රමිත රඹුක්වැල්ල පන්දු 79 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 87 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

මැදපෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදීම සදහා පැමිණි චතුරංග ද සිල්වා පන්දු 35 කදී හයේ 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 57 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීම සදහා දායකවිය.

ලක්ෂාන් සඳකැන් කඩුලු 3 ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.

 

ගාල්ල කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 347
(රමිත රඹුක්වැල්ල 87, සධීර සමරවික්‍රම 130, රොෂේන් සිල්වා 23, චතුරංග ද සිල්වා 57, ලක්ෂාන් සඳකැන් 66/3, විශ්ව ප්‍රනාන්දු 80/2)

කොළඹ කණ්ඩායම - ඕවර 42.4 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(ශෙහාන් ජයසූරිය 70, ළහිරු තිරිමාන්න 48, තීක්ෂිල ද සිල්වා 21, මාලින්ද පුෂ්පකුමාර 24/4, දසුන් ශානක 25/2, සීකුගේ ප්‍රසන්න 21/2, සුරංග ලක්මාල් 40/2)


අදහස් (0)

ගාල්ල පිලට ලකුණු 147 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.