Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කි‍්‍රකට් උපසභාපති තනතුරක් අසංගට

කි‍්‍රකට් උපසභාපති තනතුරක් අසංගට

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිස්ව තිබූ උප සභාපති ධූරයට ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපතිවරයා ද වන අසංග සෙනෙවිරත්න මහතා පත්විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී ඊයේ (06) පස්වරුවේ පැවැති එහි විධායක කමිටු රැස්වීමේදී සෙනෙවිරත්න මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී වැඩි ඡුන්ද ලබා උප සභාපති ධූරයකට පත්වූ කේ. මතිවානන් මහතා මීට මාස දෙකකට පමණ පෙර ඉල්ලා අස්වීමත් සමග උප සභාපති ධූරයක් පුරප්පාඩු විය.

විධායක කමිටුවේ හිස්ව තිබූ සාමාජික තනතුරු දෙකට ප‍්‍රියන්ත අල්ගම මහතාද, මුවර්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන සුලෙයිමාන් යාසින් මහතාද, පත්කර තිබේ.

විධායක කමිටු සාමාජිකයන් වන ඒ. ආර්. එම්. අරූස් මහතාට තහනමක් පැනවීමත් අර්වින් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වීමත් නිසා විධායක කමිටුවේ ධූර දෙකක් හිස්ව පැවතුණි.

 


අදහස් (1)

කි‍්‍රකට් උපසභාපති තනතුරක් අසංගට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.