Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිංග්ස්වුඩ් විදුහල එක්දින තරගය ජයගනී

කිංග්ස්වුඩ් විදුහල එක්දින තරගය ජයගනී

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ පැවැති 26 වැනි වාර්ෂික එක්දින තරගයෙන් කිංග්ස්වුඞ් ක‍්‍රීඩකයෝ කඩුලූ 2 ක පහසු ජයක් ලැබුහ. දෙවිදුහල් අතර පැවැති වාර්ෂික එක්දින තරගයෙන් කිංග්ස්වුඞ් විදුහල් කණ්ඩායම ජයගත්තේ වසර පහකට පසුවය.

ලකුණු 212 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය කිංග්ස්වුඩ් පිතිකරුවෝ අවසන්  ඕවරයේ අවසන් පන්දුවේදී ජයග‍්‍රහණය සපුරා ගැනීමට සමත්වුහ.

කිංග්ස්වුඞ් විදුහල් කණ්ඩායමේ ඇරැුයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ධර්මරාජ විදුහල් කණ්ඩායමේ දේශාන් ගුණසිංහ පන්දු 113 කදී හතරේ පහර අටක් සමගින් ලකුණු 70 ක් ලබාගත්තේය. කිංග්ස්වුඞ් විදුහල් කණ්ඩායමේ තරි`දු ලියනගේ, තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

 

මහනුවර ධර්මරාජ විදුහල ඕවර 50 කදී කඩුලූ 9 ට 212
(දේශාන් ගුණසිංහ 70, භවන්ත උඩන්ගමුව 37, ළහිරු සමරකෝන් 20, සුපුන් විතානාරච්චි 19, අස්මිත රාජපක්ෂ 18, ජනිත් තෙන්නකෝන් 21/2, විමුක්ති විජේසිරිවර්ධන 33/3)

මහනුවර කිංග්ස්වුඩ් විදුහල ඕවර 50 කදී කඩුලූ 8 ට 215
(මීදුම් වීරසිංහ 23, උපමාල් හීන්කෙන්ද 42, තරිඳු ලියනගේ 42, ඩිල්ෂාන් වලිසුන්දර 40, රුවන්ත හතුරුසිංහ 22, අවිශ්ක චන්ද්‍රසිරි 16, වේනුක ගලහිටියාව 38/2, ගිහාන් විතාරණ 36/3)

 

ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු ධර්මරාජ විදුහලේ 1999/2000 වසරවල වයස 19 න් පහළ ක‍්‍රිකට් පිලේ නායකයා වු අසංක මාරපන මහතා අතින් කිංග්ස්වුඞ් විදුහල් පිලේ නායක රුවන්ත හතුරුසිංහ ශූරතා කුසලානය ලබාගත් අයුරු.

 

- 090

 


අදහස් (0)

කිංග්ස්වුඩ් විදුහල එක්දින තරගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.