ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පසුගිය පාලන සමයේ සිදුවූයේ යැයි කියන අක‍්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
මෙම කමිටුවට අධිනීතිඥවරුන් වන රවී අල්ගම, ජාලිය බෝධිනාගොඩ සහ නීතිඥ වරුණ මල්ලවආරච්චි යන මහත්වරු ඇතුළත්ව සිටිති. හැකි ඉක්මනින් අදාළ කටයුතු සම්බන්ධ විමර්ශන වාර්තාව හැකි ඉක්මනින් තමන්ට සපයන ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා එම කමිටුවට නියෝග කර තිබේ.
එම කමිටුවේ පළමු සැසිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී අද (26) පැවැති අතර එහි දෙවැනි සැසිය ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.