මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර මහනුවර පොලිස් කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඞ් විදුහල සමත් විය.
තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කිංග්ස්වුඞ් විදුහල කඩුලූ 9 ක් දැවී ලකුණු 216 ක් ලබා සිටියේය.
වෙස්ලි විදුහල වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ කාවින්ද සෙනෙවිරත්න, ලකුණු 52 කට කඩුලූ 5 ක් දවාගත් අතර නොදැවී ලකුණු 109 ක් රැස්කිරීමටද සමත් විය.
කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 268
(විමුක්ති විජේවර්ධන 61, අවිෂ්ක චන්ද්‍රසිරි 32, කාවින්ද සෙනෙවිරත්න 52/5, චරිත් ද සිල්වා 91/3)
වෙස්ලි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 190
(කාවින්ද සෙනෙවිරත්න නොදැවී 109, අවිෂ්ක චන්ද්‍රසිරි 33/4, තරිඳු ලියනගේ 32/3)
කිංග්ස්වුඞ් විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 9 ක් දැවී 216
(පූර්ණිම වීරසිංහ 90, මලීෂ ඇතුලත්මුදලි 77/5)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.