Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කි‍්‍රස් ගේල් නැවතත් තරග බිමට

කි‍්‍රස් ගේල් නැවතත් තරග බිමට

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 30 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන තරග 3 කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී නැවතත් කණ්ඩායම නියෝජනය කිරීමට තමා බලාපොරොත්තු වන බව කොදෙව් පිලේ ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල් පවසයි.  

පිට කොන්දේ හටගෙන ඇති ආබාධ තත්ත්වයක් නිසා ගේල්ට ඉකුත් මස මුල් භාගයේද බංගලාදේශ පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය අහිමි වූ අතර ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියද අහිමි විය.

”දැන් මගේ ආබාධ තත්ත්වය සුව අතට හැරෙන බව මට තේරෙනවා. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී ඉන්දීයාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට කී‍්‍රඩා කරන්න මට පුළුවන් වෙයි කියලා.” කි‍්‍රස් ගේල් එරට මාධ්‍ය වෙත කියා සිටියේය.

කි‍්‍රස් ගේල්, මෙම ගීස්ම ඍතුවේදී සහභාගී වූ ටෙස්ට් තරග 4 කදී අර්ධ ශතක 3 ක් ලබාගෙන ඇති නමුත් ඉකුත් මස මුලදී බංගලාදේශ පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසු ඔහු කිසිදු කි‍්‍රකට් තරගයකට සහභාගී වී නොමැත.


අදහස් (0)

කි‍්‍රස් ගේල් නැවතත් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.