Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කි‍්‍රකට් නවක තරු සොයන වැඩමුළුවක්

කි‍්‍රකට් නවක තරු සොයන වැඩමුළුවක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් නවක ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සොයා යන ‘කොකා-කෝලා ක‍්‍රිකට් පාත්වේස්’ වැඩසටහනේ සුපිරි කඳවුර කොළඹ ඒ. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

‘කොකා-කෝලා ක‍්‍රිකට් පාත්වේස්’ වැඩසටහනේ මුල් අදියර 3 ටම සහභාගි වූ ආධුනිකයන් අතරින් තෝරාගත් ක‍්‍රීඩකයින් 60 දෙනෙකුට එහිදී ඉහළ මට්ටමේ පුහුණුවක් ලබා දීමට කොකා-කෝලා සමාගම, අරවින්ද ද සිල්වා පදනම, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංගමය සහ ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය කටයුතු කළහ.

දිවයින පුරා විවිධ ප‍්‍රදේශයන්හි සිටින දක්ෂතාවලින් පිරිපුන් නවක ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට තම හැකියාවන් පෙන්නුම් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙමින්, දිවයිනේ ප‍්‍රමුඛතම පුහුණුකරුවන්ගෙන් සහ හිටපු ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් ක‍්‍රීඩාවේ න්‍යායන් සහ උපක‍්‍රමයන් ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදෙමින් මෙම ‘කොකා-කෝලා ක‍්‍රිකට් පාත්වේස්’ පුහුණු වැඩසටහන පැවැත්විණ.

දිවයින පුරා සිටින දක්ෂතාවලින් පිරිපුන් පාසල් මට්ටමේ නවක ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය කර ශ‍්‍රී ලංකාවේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කරා ගෙන යාමේ අරමුණින් 2008 වසරේදී ‘කොකා-කෝලා ක‍්‍රිකට් පාත්වේස්’ කඳවුරු වැඩසටහන ආරම්භ කරන ලදී.

හිටපු ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක අරවින්ද ද සිල්වාගේ අධීක්ෂණය යටතේ මෙම කඳවුර පැවැත්වූ අතර පලාත් සහ දිස්ත‍්‍රික් පුහුණුකරුවන්ගේ සහයෝගයද ඒ සඳහා ලැබිණ. ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශ ඇතුළු සමස්ත දිවයින පුරා සිටින දක්ෂතාවලින් හෙබි යොවුන් ක‍්‍රීඩකයින් හඳුනාගැනීමට මෙම කඳවුරු මගින් හැකියාව ලැබිණ.

කොකා-කෝලා බීම සමාගමේ දේශීය අළෙවි කළමනාකරු ශමල් ගුණවර්ධන, කොකා-කෝලා ක‍්‍රිකට් පාත්වේස් වැඩසටහනේ පරිපාලක අරවින්ද ද සිල්වා සහ කොකා-කෝලා ෆාර් ඊස්ට් ලිමිටඞ් හි ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා අළෙවි මෙහෙයුම් කළමනාකරු ශාන්ත ප‍්‍රනාන්දු යන මහත්වරු මෙම සුපිරි කඳවුරේ ආරම්භක අවස්ථාවේ ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම පිතිකරු බවට පත්වූ ඉසිපතන විද්‍යාලයේ සාලින්ද උෂාන් පෙරේරා තමන්ට හිමි ත්‍යාග මුදල සහ කුසලාන, කොකා-කෝලා ක‍්‍රිකට් පාත්වේස් වැඩසටහනේ පරිපාලක අරවින්ද ද සිල්වා මහතා අතින් ලබාගත් අවස්ථාව....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


දක්ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා බවට පත්වූ සාන්ත පීතර විද්‍යාලයේ ලක්ෂිණ රොද්‍රිගෝ තමන්ට හිමි ත්‍යාග මුදල සහ කුසලාන, කොකා-කෝලා ක‍්‍රිකට් පාත්වේස් වැඩසටහනේ පරිපාලක අරවින්ද ද සිල්වා මහතා අතින් ලබාගත් අවස්ථාව....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


දක්ෂතම පන්දු යවන්නා බවට පත්වූ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ දුරිඳු තිලකරත්න තමන්ට හිමි ත්‍යාග මුදල සහ කුසලාන, කොකා-කෝලා ක‍්‍රිකට් පාත්වේස් වැඩසටහනේ පරිපාලක අරවින්ද ද සිල්වා මහතා අතින් ලබාගත් අවස්ථාව....

 

- 036


අදහස් (0)

කි‍්‍රකට් නවක තරු සොයන වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.