Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෞෂාල් - පරණවිතාන එස්. එස්. සී. පිල දිනවති

කෞෂාල් - පරණවිතාන එස්. එස්. සී. පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෞෂාල් සිල්වා (නොදැවී 100) සහ තරංග පරණවිතාන (නොදැවී 100) ශතක රැස්කිරීම නිසා අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති තරගයෙන් එස්.එස්.සී. පිල කඩුලූ 9 කින් සී.සී.සී. පිල පරාජය කළේය.

කෞෂාල් සිල්වා පන්දු 117 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස් කළේය. තරංග පරණවිතාන පන්දු 92 කදී හතරේ සහ හයේ පහර 6 බැගින් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තේය.


සී. සී. සී. පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 216
(හෂාන් දුමි`දු 28, ලසිත් අබේරත්න 22, ප‍්‍රසන්න ජයවර්ධන 21, හසන්ත ප‍්‍රනාන්දු 42, දිනූෂ ප‍්‍රනාන්දු නොදැවී 37, ලක්‍ෂාන් රංගික 30, කසුන් මධුසංඛ 57/3, දිල්හාර ප‍්‍රනාන්දු 36/4)

එස්. එස්. සී. පිල  ඕවර 38.4 කදී කඩුලූ 1 ට 217
(කෞෂාල් සිල්වා නොදැවී 100, තරංග පරණවිතාන නොදැවී 100)


- 048


අදහස් (0)

කෞෂාල් - පරණවිතාන එස්. එස්. සී. පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.