Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝරළේ සටන හෙට - අනිද්දා

කෝරළේ සටන හෙට - අනිද්දා

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

‘කෝරළේ සටන’ නමින් විරුදාවලිය ලත් මතුගම ශාන්ත මේරි මහ විද්‍යාලය හා මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයීය ජාතික පාසල අතරේ මහ කි‍්‍රකට් තරගය හෙට සහ අනිද්දා (18-19)  මතුගම මහජන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. මෙවර පැවැත්වෙන්නේ විදුහල් අතර 53 වැනි තරගයයි.


මෙතෙක් පැවැති තරගාවලියේදී ශාන්ත මේරි මහ විද්‍යාලය ජයග‍්‍රහණ 11 ක් හිමිකර ගෙන ඇති අතර ආනන්ද ශාස්ත‍්‍රාලයට හිමිකර ගත හැකිවූයේ තරග දෙකක ජයග‍්‍රහණ පමණි. අනිකුත් සියලූ තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.


මතුගම ශාන්ත මේරි මහ විද්‍යාලයීය කණ්ඩායම මෙහෙවන්නේ නිරෝෂන් මධුසංඛයි. ඔහු තුන් ඉරියව්වටම දස්කම් පා ඇති වමත් කී‍්‍රඩකයෙකි. ආනන්ද ශාස්ත‍්‍රාලයීය කණ්ඩායම මෙහෙයවන්නේ යසිත දමිත් ජයසිංහයි. ජයසිංහ ද තුන් ඉරියව් කී‍්‍රඩකයෙකි.


මතුගම ශාන්ත මේරි විද්‍යාලයීය විදුහල්පතිනිය ලෙස චන්දිමා පි‍්‍රයදර්ශනි මහත්මියද කි‍්‍රකට් භාර ආචාර්යවරයා ලෙස තුෂාර විජේසිරි මහතාද පුහුණුකරු ලෙස එස්. සම්පත් මහතාද කටයුතු කරති.


මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයීය විද්‍යාලයේ විදුහල්පති ලෙස රන්දුන් ජයලත් මහතාද කි‍්‍රකට් භාර ආචාර්යවරයා ලෙස පාලිත දිසානායක මහතාද පුහුණුකරු ලෙස චන්දන කන්නන්ගර මහතාද කටයුතු කරති.


මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයීය කණ්ඩායම මෙවර කි‍්‍රකට් තරගාවලියේදී පාසල් 10 ක කි‍්‍රකට් කණ්ඩායම් සමඟ තරග වැදුණි. ඉන් බලපිටිය සිද්ධාර්ථය, මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, වාද්දුව මහ විද්‍යාලය හා මාදම්පා මහ විද්‍යාලය සමග තරග කර ජයග‍්‍රහණය ලැබුවේය. ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලය සමග තරග වැදී පරාජයට පත්විය ඉතිිරි තරග ජය පරාජයෙන් තොර විය.


මතුගම ශාන්ත මේරි මහ විද්‍යාලයේ කණ්ඩායම පාසල් හයක් සමග තරග කරමින් ජයග‍්‍රහණය කළේය.


එම තරග වැදුණ පාසල් වන්නේ කොට්ටාව ආනන්ද විද්‍යාලය, කොළොන්නාව හෙන්රි  ඕල්කොට්, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, දෙහිවල ශාන්ත ආනන්ද විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය යන විද්‍යාලයි.


 

මතුගම ශාන්ත මේරි විද්‍යාලයීය කණ්ඩායම


නිරෝෂන් මධුශංක (නායක), ඩිනුෂ මධුසංඛ, ප‍්‍රවීන් මධුසංඛ, නවීශාන් විමුක්ති, ශනුක උදයංග, ළහිරු ඩිල්ෂාන්, නුරාන් මධුරංග, උජිත් මධුරංග, නවීන් දේවින්ද, නාමල් මධුසංඛ, සංජුල කි‍්‍රෂාන්, ජූඞ් ඩිල්ෂාන්, හේෂාන් තරිඳු

 


ආනන්ද ශාස්ත‍්‍රාලයිය කණ්ඩායම


යසිත් දමිත් ජයසිංහ (නායක), උමේෂ් තව්ෂාන්, අශාන් මධුර, කසුන් ජයනාත්, සුපුන් මධුසංක, විරාජ් මධුසංක, අසාන් දිනුෂ, කි‍්‍රෂාන් සුභාෂණ, තුෂාන් සංජුල, ඉසුරු අකලංක, මාලිංග සිතුමිණ, නුවන් විදුරංග, ප‍්‍රසාද් චතුරංග, කුෂාන් මධුසංක, පසන් තාරක, තරිඳු මධුසංක, තිලිණ ධනංජය, උලිදු සුභාෂ්

 

●●●

 


අදහස් (1)

කෝරළේ සටන හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.