කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල (පැරණි ක‍්‍රිස්තියානි විදුහල) හා කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර ‘කෝට්ටේ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය සෙනසුරාදා සහ ඉරිදා (12-13) කොළඹ මුවර්ස් පිටියේදී පැවැත්වේ.
මෙවර 39 වැනි වරටත් සංවිධානය කෙරෙන කෝට්ටේ සටනේ විසඳුමක් වසර 13 කින් උදාවී නොමැත. අවසන් වරට වසර 2002 දී කෝට්ටේ සටනේ විසඳුමක් වාර්තා වන අතර, එම වසරේදි තරගයේ ජයග‍්‍රහණය ශාන්ත තෝමසුන් හිමි කර ගෙන තිබේ.
ප‍්‍රතිවාදී ජයවර්ධනපුර විදුහල අවසන් වරට එහි ජයග‍්‍රාහනයක් ලබා ඇත්තේ වසර 2000දීය. කෝට්ටේ සටනේ ජයග‍්‍රාහකයන්ට මෙතෙක් ප‍්‍රදානය කළ ‘දොස්තර ජී.එන්. පෙරේරා’ කුසලාන වෙනුවට මෙතැන් පටන් ‘කීර්ති රණසිිංහ’ අනුස්මරණ කුසලාන ප‍්‍රදානය කිරිමට කටයුතු යොදා තිබේ.
එවකට ජයවර්ධනපුර විදුහල කෝට්ටේ ක‍්‍රිස්තියානි විදුහල යනුවෙන් හැඳින්වූ අවධියේ 1919 දී එහි ක‍්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා බවට පත්වූ කීර්ති රණසිංහ මහතා අනුස්මරණය කරමින් මෙවර ජයග‍්‍රාහකයන්ට එම කුසලාන ප‍්‍රදානය කෙරේ.
කෝට්ටේ සටන ආරම්භයට දීර්ඝ කාලීන ඉතිහාසයක් හිමිව තිබුනත් විවිධ හේතුන් මත මෙම මහ තරගය අවස්ථා කිහිපයකදීම අත්හිටුවා තිබෙන අතර, වසර 1977 දී නැවත ආරම්භ කළ කෝට්ටේ සටන මේ දක්වා වාර්ෂිකව පැවැත්වේ.
මෙම පාසල් වාරයේදී ශාන්ත තෝමස් විදුහල තරග අටකට සහභාගි වී මෝදර ද ලාසල් විදුහලට එරෙහිව පැවති තරගය පරාජයට පත්ව තිබේ. කොළඹ අශෝක විදුහලට එරෙහිව තරගය ජයග‍්‍රාහණය කළ ජයවර්ධනපුර විදුහලත් මේ වාරයේදී තරග අටකට පමණක් සහභාගි වී තිබේ.
පස්වැනි වසරේ වර්ණලාභියකු වන කණ්ඩායමේ කඩුලූ රකින්නා ද වන දිනුක දේවින්දගේ නායකත්වයෙන් මෙවර තරග වදින ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලේ කණ්ඩායම පිටියට පිවිසෙයි. පිතිකරුවකු ලෙස මේ තරග වාරයේ වඩාත් සාර්ථකත්වයක් පෙන්වා තිබෙන ඔහුගේ මෙවර මහ තරගයේ එක් අපේක්ෂාවක් වී ඇත්තේ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 500 ක් ඉක්මවා යාමය.
කඩුළු රකින්නා ලෙස දැවී යාම් 40කට ඔහු මෙතෙක් දායක වී තිබේ. උප නායක බුද්ධික රුවන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන මේ වන විට ලකුණු 500 ක් ඉක්ම වූ ලකුණු ලාභියකු බවට පත්ව සිටියි. පසුගිය මහ තරගයේදීද ඔහුගේ තුන් ඉරියව්වේ දස්කම් කැපී පෙනුණි. දුෂාන් ලෂිත, සසිඳු සුලන්න ශ්‍රී ජයවර්ධනපුර පන්දු යවන්නන්ගේ බලඇණිය කැපී පෙනෙන්නෝ වෙති.
පිළියන්දල මැදි විදුහලට එරෙහිව තරගයේදී ශතකයක් වාර්තා කළ නායක බ්‍රෙන්ඩන් ඊබට් මේ තරග වාරයේ මෙතෙක් දෙවිදුහලේම එකම ශතකලාභියා බවට පත්ව සිටීම කැපී පෙනේ.
තුන් ඉරියව්වෙන්ම කැපී පෙනන ඔහු තරග අටකදී කඩුලූ 40 ක්් බිඳ දමමින් වසර පහක සිය පරිණතභාවය මේ තරග වාරයේදිත් මැනවින් ප‍්‍රදර්ශන කර තිබේ. මේ වන විට ලකුණු 500 ක් ඉක්මවා ගොස් තිබෙන බ්‍රෙන්ඩන් පසුගිය මහ තරග තුනේදී දස්කම් දක්වමින් සම්මාන ලැබූවෙකි.
උපනායක අමිල ඉෂාන්, මාලින් ධර්වියන්, බොනිෆස් රුද්‍රිගු පිතිකරුවන් ලෙසත් වඩාත් සාර්ථක වෙමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සමත්කම් දක්වන්නෝ වෙති.
මෙවර මහ තරගයේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 9 ට ලංකා වයස 19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු හා එහි හිටපු මාධ්‍ය ලේකම්වරයකු වන ෂේන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
ජයසංකේත ප‍්‍රදානෝත්සවය කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ආර්.එම්. පෙරේරා මහතා ඇතුළු දෙවිදුහල් විදුහල්පතිවරුන් වන එස්.ඒ.ඞී. වානගුරු හා නිලන්ත උඩුවක සහෝදරතුමාගේ ප‍්‍රධානත්වයෙන් අනිද්දා පස්වරුවේදී සිදුකෙරේ.
දෙවිදුහල අතර වාර්ෂික සීමිත ඕවර තරගය මෙම 19 වැනිදා බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිටියේදී පැවැත්වීමට නියමිතය.
කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම:
ජොනතන් ප‍්‍රනාන්දු, බොනිෆස් රුද්‍රිගු, ප‍්‍රසන්න රාමනායක මහතා (ක‍්‍රීඩා භාර ආචාර්ය), අචල ඉෂාන් (උප නායක), නිලන්ත උඩුවන පියතුමා (විදුහල්පති), බ්‍රෙන්ඩන් ඊබ්ට් (නායක), දයානි කරුණාරත්න මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනී), මර්සිලින් ඩර්මියන්, රමේෂ් පෙරේරා මහතා (පුහුණුකරු), චාරුක ඩිල්ෂාන්, සචින්ත රිෂාන් විලියම්ස්, මලිදු ජිනෙත්, අෂේන් චමුදිත, නදීෂ් බණ්ඩාර, ඉමේෂ් පෙරේරා, ශාමල්ක පෙරේරා, දේශාන් පෙරේරා, කවින්ත පහන්, දුෂේන් නේලක ගමගේ, අරුත්ෂ මවුලා, සුමුදු ෆ‍්‍රැන්ක්, දුෂාන් සචින්ත, තරුෂ ප‍්‍රියංග සහ කවීෂ් සමරවීර
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විදුහල් කණ්ඩායම:
නාලන්ද පුෂ්පකුමාර මහතා (පුහුණුකරු), ජයතිලක බණ්ඩාර මහතා (ක‍්‍රීඩා භාර ආචාර්ය), දිනුක දේමින්ද (නායක), ඞී.ඒ.ඞී.වානගුරු මහතා (විදුහල්පති), බුද්ධික රුවන් (උප නායක), ප‍්‍රියන්ත හෙට්ටිගොඩ මහතා (ක‍්‍රීඩා භාර ආචාර්ය*, ෆේරියන් සිල්වා මහතා (පුහුණුකරු),යසිදු යුලන්ත, කාවින්ද දිසානායක, අනුෂ්ක සත්සර, සමිත ලක්ෂාන්, බුද්ධික චමින්ද, රවි`දු විනෝද්, දිහාන් රන්සික, නිපුන මෙවන්, දුෂාන් ලක්ෂිත, උදිත මදුරංග, සමාන් නිශ්ශංක, රුසිත ඩිල්ෂාන්, උදයංග මධුෂංක සහ කවිදු දිල්සර
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.