Last Update  :  2025-12-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොමර්ෂල් ක්‍රෙඩිට් පෙරමුණ ගනී

කොමර්ෂල් ක්‍රෙඩිට් පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2017 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරග හතක් මේ වනවිට අවසන්වී ඇති අතර තරග හයක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 30 ක් හිමිකරගත් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැණීමට සමත්විය.

ප්‍රසාද ලකුණු 28 ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවන ස්ථානයේ පසුවන මාස් යුනිචෙලා කණ්ඩායම තරග හයකින් තරග හයම ජයගත්තද මාස් යුනිචෙලා පිලට වඩා එක් ප්‍රසාද ලකුණු 2 ක් පිටුපසින් සිටින්නේය.

ජයගත් තරග හයෙන් තරග හතරකදී අතිරේක ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත්වූ අතර තරග හතරකදී අතිරේක ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායමද සමත්වී ඇත.

මාස් යුනිචෙලා සහ එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම් සදහා තරග තුන බැගින්ද අනෙක් කණ්ඩායම් සදහා තවත් තරග 2 බැගින්ද ඇති අතර කොමර්ෂල් ක්‍රෙඩිට්, මාස් යුනිචෙලා, හැටන් නැෂනල් බැංකු යන කණ්ඩායම් අතර ලීග් ශූරතාවය දිනාගැනීම සදහා තියුණු සටනක් පවති.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම තරග හතකට සහභාගී වුවද එකඳු තරගයක්හෝ ජයගැනීමට අවස්ථාව හිමිනොවීය.

 

සැප්තැම්බර් 24 වැනිදා දක්වා ප්‍රසාද ලකුණු සටහන

ණ්ඩායම තරග ජය පරාජ විසදුමකින් තොර ප්‍රසාද ලකුණු අතිරේක ප්‍රසාද ලකුණු මුළු ප්‍රසාද ලකුණු ලකුණු ලබාගැනීමේ වේගය
කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ 7 6 0 1 26 4 30 1.459
 මාස් යුනිචෙලා 6 6 0 0 24 4 28 2.847
හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ 7 5 2 0 20 2 22 -0.073
ටීජේ ලංකා 7 3 2 2 16 3 19 1.455
ජෝන් කීල්ස් ‘ඒ’ 7 4 3 0 16 3 19 0.804
එල්.බී. ෆිනෑන්ස් 6 3 3 0 12 1 13 -0.355
සම්පත් බැංකුව 7 3 4 0 12 1 13 -0.395
 ඩිමෝ ලංකා ‘ඒ’  7 2 5 0 8 0 8 -1.189
හේලීස් ගෲප් ‘ඒ’  7 0 6 1 2 0 2 -1.437
කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ 7 0 7 0 0 0 0 -2.219

අදහස් (0)

කොමර්ෂල් ක්‍රෙඩිට් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.