Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් ක‍්‍රීඩිකාවෝ වි20 තරගාවලිය දිනති

කොදෙව් ක‍්‍රීඩිකාවෝ වි20 තරගාවලිය දිනති

Dilrukshi - 2015 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

කොදෙව් පිල මෙම ජයග‍්‍රහණයත් සමගින් 2-1 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගත්තේය.කොදෙව් පිතිකාරියෝ ලකුණු 75 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 11.2 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 74 ක් පමණක් රැස්කළ අතර එහිදී නායිකා චමරි අතපත්තු පන්දු 48 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස් කළාය.

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල

යශෝධා මෙන්ඩිස් - ස්ටම්ප් අගුලෙයිරා ප.මොහොමඞ්     1
චමරි අතපත්තු - ඇ. හෙන්ද්‍රි ප. ස්මාර්ට්     43
ඩිලානි මනෝදර - ස්ටම්ප් අගුලෙයිරා ප.මොහොමඞ්    0
නිපුනි හංසිකා - ඇ. කිං ප. මැතිව්ස්    1
ශෂිකලා සිරිවර්ධන - ඇ. සහ ප.මැතිව්ස්    2
ඒෂානි ලොකුසූරිය - ඇ. ස්මාර්ට් ප.මැතිව්ස්     2
ශ්‍රීපාලි වීරක්කොඩි - ස්ටම්ප් අගුලෙයිරා ප.මැතිව්ස්    1
චතුරානී ගුණවර්ධන - ඇ. ස්මාර්ට් ප.ෆ්ලෙචර්    10
උදේෂිකා ප‍්‍රබෝදනී -දුවද්දී දැවී ගියා     0
සුගන්දිකා කුමාරි -නොදැවී     7
ඉනෝකා රණවීර- නොදැවී     2

අතිරේක    5

එකතුව  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී     74

කඩුලූ වැටීම:

1-6 (මෙන්ඩිස්), 2-6(මනෝදර), 3-20(හංසිකා), 4-31 (සිරිවර්ධන), 5-41 (ලොකුසූරිය), 6-48 (ශ්‍රීපාලි),7-60 (අතපත්තු), 8-61(ප‍්‍රබෝදනී), 9-70 (ගුණවර්ධන)

පන්දු යැවීම:

ස්ටෙෆෙනි ටේලර්: 3-0-14-0, අනීෂා මොහොමඞ්: 4-2-7-2, හේලි මැතිව්ස්: 4-0-10-4, ඇෆ්යි ෆ්ලෙචර්: 4-0-18-1, කිං: 1-0--9-0, ට‍්‍රමයිනි ස්මාර්ට්: 4-0-16-1

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල

හේලි මැතිව්ස් - නොදැවී     32
ස්ටෙෆෙනි ටේලර් - ඇ. ප‍්‍රබෝදනී ප.රණවීර     38
ඩිනේන්ද්‍රා ඩොටි - නොදැවී     0
අතිරේක    5
එකතුව  ඕවර 11.2 කදී කඩුලූ 1 ක් දැවී     75

පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:

බි‍්‍රට්නි කූපර්, මිරීසා අගුලෙයිරා, ස්ටැසි ඈන් කිං, අනීෂා මොහොමඞ්, ට‍්‍රමයිනි ස්මාර්ට්, ඇෆ්යි ෆ්ලෙචර්, චිනිලි හෙන්ද්‍රි, ශෙමානි කැම්බල්

පන්දු යැවීම:

ශ්‍රීපාලි වීරක්කොඩි: 1-0-6-0, උදේෂිකා ප‍්‍රබෝදනී: 1-0-11-0, සුගන්දිකා කුමාරි: 2-0-13-0, ඒෂානි ලොකුසූරිය: 1-0-9-0, චතුරානී ගුණවර්ධන: 2-0-9-0, ශෂිකලා සිරිවර්ධන: 3-0-18-0, ඉනෝකා රණවීර: 1.2-0-7-1

 

 

 


අදහස් (0)

කොදෙව් ක‍්‍රීඩිකාවෝ වි20 තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.