ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දී කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (25) පැවැති දෙවැනි තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 8 ක පහසු ජයක් ලබා ගැනීමට සමත් වූහ.
කොදෙව් පිල ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමඟ 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයට පත්විය.කොදෙව් පිල ලකුණු 125 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 18.5 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
ස්ටෙෆෙනි ටේලර් (නොදැවී 59) සහ ඩිනේන්ද්‍රා ඩොටි - (51) දෙවැනි කඩුල්ලට ලකුණු 101 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් වූහ.
ඩිලානි මනෝදර පන්දු 34 කදී හතරේ පහරක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.
මෙහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ මන්දගාමීව ලකුණු රැස්කළ අතර වේගයෙන් ලකුණු රැස්කිරීමට උත්සුක වූයේ නම් මීට වඩා තරගයක් දීමේ හැකිායව තිබුණි.
දෙපිල අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරග හෙට (26) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල
චමරි අතපත්තු - ඇ. හෙන්ද්‍රි ප. මොහොමඞ් 27
යශෝධා මෙන්ඩිස් - ස්ටම්ප් අගුලෙයිරා - ප. ටේලර් 2
ඩිලානි මනෝදර - දුවද්දී දැවී ගියා 30
ශෂිකලා සිරිවර්ධන - ප. ටේලර් 26
නිපුනි හංසිකා - ඇ. කිං ප. මැතිව්ස් 21
ඒෂානි ලොකුසූරිය - නොදැවී 13
හසිනි පෙරේරා - නොදැවී 0
අතිරේක 5
එකතුව ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 124
පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝදනී, සුගන්දිකා කුමාරි, මධුරි සමුදිකා
කඩුලූ වැටීම:
1-13 - (මෙන්ඩිස්), 2-60 (අතපත්තු), 3-71(මනෝදර), 4-107(හංසිකා), 5-124 (සිර්වර්ධන)
පන්දු යැවීම:
සුබ්රිනා මුන්රො: 1-0-x120-0, ස්ටෙෆෙනි ටේලර්: 4-0-20-2, ට‍්‍රමයිනි ස්මාර්ට්: 2-0-18-0, අනීෂා මොහොමඞ්: 4-0-28-1, ඇෆ්යි ෆ්ලෙචර්: 2-0-14-0, හේලි මැතිව්ස්: 4-0-20-1, කිං: 3-0-120
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල
හේලි මැතිව්ස් - ප. ප‍්‍රබෝදනී 7
ස්ටෙෆෙනි ටේලර් - නොදැවී 59
ඩිනේන්ද්‍රා ඩොටි - ඇ. සිරිවර්ධන ප. සමුදිකා 51
බි‍්‍රට්නි කූපර් -නොදැවී 6
අතිරේක 2
එකතුව ඕවර 18.5 කදී කඩුලූ 2 ක් දැවී 125
පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
මිරීසා අගුලෙයිරා, ස්ටැසි ඈන් කිං, අනීෂා මොහොමඞ්, ට‍්‍රමයිනි ස්මාර්ට්, ඇෆ්යි ෆ්ලෙචර්, චිනිලි හෙන්ද්‍රි, සුබ්රිනා මුන්රො
කඩුලූ වැටීම:
1-10 (මැතිව්ස්), 2-111(ඩොටි)
පන්දු යැවීම:
ශ්‍රීපාලි වීරක්කොඩි: 3-0-24-0, උදේෂිකා ප‍්‍රබෝදනී: 3.5-0-25-1, මධුරි සමුදිකා: 4-0-33-1, සිරිවර්ධන: 4-0-19-0, සුගන්දිකා කුමාරි: 4-0-23-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.