ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර ටි්‍රනිඩෑඞ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම ඕවර 39 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර මෙරිසා ඇගුයිලෙයිරා නොදැවී ලකුණු 32 ක්ද, කයිෂෝනා නයිට් නොදැවී ලකුණු 21 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 7 ක් තුළ බිඳ වැටුණද, හේලි මැතිව්ස් (22), චෙඩීන් නේෂන් (24) සහ ඩීන්ඩ්‍රා ඩොටින් (22) ලකුණු අතරට පැමිණෙමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර ඕවර 10 ක් යවමින් ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගත්තාය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 136 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ යෂෝධා මෙන්ඩිස් පන්දු 72 කදී ලකුණු 34 ක් රැස්කළේය.
පිතිකාරිණියන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට මත්තෙන් දැවීයාම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර ශ්‍රී ලංකා ඉනිම නිමා වන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඩිලානි මනෝදරා පන්දු 74 කදී ලකුණු 28 ක් රැස්කළාය.
හේලි මැතිව්ස්, ස්ටැෆ්නි ටේලර් සහ අෆී ෆ්ලෙචර් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 49.9 කදී සියලු දෙනා දැවී 136
(යෂෝධා මෙන්ඩිස් 34, චමරි අතපත්තු 25, ඩිලානි මනෝදරා නොදැවී 28, හේලි මැතිව්ස් 18/3, ස්ටැෆ්නි ටේලර් 24/3, අෆී ෆ්ලෙචර් 42/3)
බ.ඉ. කොදෙව් කාන්තා පිල - ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී 138
(හේලි මැතිව්ස් 22, චෙඩීන් නේෂන් 24, ඩීන්ඩ්‍රා ඩොටින් 22, මෙරිසා ඇගුයිලෙයිරා නොදැවී 32, කයිෂෝනා නයිට් නොදැවී 21, ඉනෝකා රණවීර 27/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.