Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් කාන්තා කි‍්‍රකට් පිල මේ සතියේ එයි

කොදෙව් කාන්තා කි‍්‍රකට් පිල මේ සතියේ එයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින තරග 4 කට සහ විස්සයි:20 තරග 3 කට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කි‍්‍රකට් කණ්ඩායම මේ මස 10 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණෙයි. කොදෙව් පිලේ මෙම ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරග හතරක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් වේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් මෙම තරගාවලිය පැවැත්වේ.

මැයි මස 13 වැනිදා පැවැත්වෙන පළමු එක්දින තරගය සුදුසුකම් ලැබීමේ තරගාවලියට අයත් නොවන අතර දෙවැනි තරගයේ සිට සිවුවැනි තරගය දක්වා එම තරගාවලියේ තරග තුන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ඇතුළත් වේ. විස්සයි20 තරගාවලිය මැයි මස 23 වැනිදා ආරම්භ වේ.

මෙම තරගාවලියේ සියලූම තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

 


තරග කාලටහන (සියලූම තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී)
මැයි 13 - පළමු එක්දින තරගය
මැයි 15 - දෙවැනි එක්දින තරගය
මැයි 18 - තෙවැනි එක්දින තරගය
මැයි 20 - සිවුවැනි එක්දින තරගය
මැයි 23 - පළමු විස්සයි20 තරගය
මැයි 25 - දෙවැනි විස්සයි20 තරගය
මැයි 26 - තෙවැනි විස්සයි20 තරගය


- 048

 


අදහස් (0)

කොදෙව් කාන්තා කි‍්‍රකට් පිල මේ සතියේ එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.