Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ ලකුණු 62 ක් ඉදිරියෙන්
ඇන්ටිගුවා ටෙස්ට් තරගය

කොදෙව්වෝ ලකුණු 62 ක් ඉදිරියෙන්

editorial - 2022 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (10 වැනිදා) අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව්වෝ, කඩුලු 9 ක් දැවී ලකුණු 373 ක් ලබා සිටියහ.

ඒ අනුව කොදෙව් කණ්ඩායම කඩුල්ලක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 62 ක් ඉදිරියෙන් සිටියි. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට වීරසාමි පෙරුමාල් හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 26 ක් ලබා සිටි අතර කඩුල්ලේ රැදී සිටි සෙසු පිතිකරුවා වූ ජේඩ්න් සීල්ස් ලකුණු ලබාගැනීම ආරම්භකර තිබුණේ නැත.

දෙවැනි දිනය වූ පෙරේදා (9 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටි කොදෙව් පිතිකරුවෝ, ඊයේ දිනයේදී කඩුලු 5 ක් අහිමි කරගනිමින් සිය පළමු ඉනිමට තවත් ලකුණු 171 ක් එක්කර ගත්හ. එහිදී ඉතා මන්දාගමී වේගයක් පවත්වාගෙන ගිය ඔවුන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය සටහන් වූයේ 1.9 ක් ලෙසිනි.

දෙවැනි දිනය අවසානයේ ලකුණු 34 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි න්කෘමා බෝනර් ඊයේ දිනයේදී සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගිනි. ජේසන් හෝල්ඩර් (45) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 79 ක් එක්කළ බෝනර්, ඉන් නොනැවතී ජොෂුවා ද සිල්වා (32) සමග එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 73 ක්ද එක්කළේය.

දෙවැනි දිනය නිමාවීමට ඕවර 2 ක් පමණක් ඉතිරිව තිබියදී ඩැනියෙල් ලෝරන්ස්ගේ පන්දුවක් හමුවේ බෙන් ෆෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් කොදෙව් ඉනිමේ නමවැනි කඩුල්ල ලෙස බෝනර් දැවී ගියේය. හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 45 ක් ලබා අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ජේසන් හෝල්ඩර් දැවී ගියේ බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ බෙන් ෆෝක්ස් අතට උඩ පන්දුවක් දෙමිනි.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 311
(ඩැනියෙල් ලෝරන්ස් 20, බෙන් ස්ටෝක්ස් 36, ජොනී බෙයාස්ටෝ 140, බෙන් ෆෝක්ස් 42, ක්‍රිස් වෝක්ස් 28, ජේඩ්න් සීල්ස් 79/4, ජේසන් හෝල්ඩර් 24/2, අල්සාරි ජෝෂප් 70/2, කේමර් රෝච් 86/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 373
(ක්‍රෙග් බ්‍රැත්වේට් 55, ජෝන් කැම්බල් 35, න්කෘමා බෝනර් 123, ජේසන් හෝල්ඩර් 45, ජොෂුවා ද සිල්වා 32, වීරසාමි පෙරුමාල් නොදැවී 26, බෙන් ස්ටෝක්ස් 42/2, ක්‍රෙග් ඕවර්ටන් 85/2)

-036

 


අදහස් (0)

කොදෙව්වෝ ලකුණු 62 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.