සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමත් පාකිස්තානු කණ්ඩායමත් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අරම්භ කරමින් පළමු තරගය අද (01 වැනිදා) පාකිස්තානයේ කරච්චිහි ජාතික ක්‍රීඩාංගනයේදි පැවැත්වේ.
වසර 2006 න් පසු බටහිර කොදෙව් කණ්ඩායමත් පාකිස්තානයේ තරගකරන ප්‍රථම අවස්ථාව මෙයයි. වසර 2009 දි ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසු ප්‍රධාන පෙළේ ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කෙරෙන තෙවැනි අවස්ථාවද මෙයයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සෙනසුරාදා (31 වැනිදා) පාකිස්තානයට පැමිණි අතර එය කි්‍රීඩකයින් 13 න් දෙනෙකුගෙන් සමන්විතය. ජේසන් මොහොමඞ් කණ්ඩායම මෙහෙයවයි. 1000 කට අධික අරක්ෂක අංශ නිලධාරින් සංඛ්‍යාවක් කණ්ඩායම්වල අරක්ෂාව සඳහා යොදවා තිබේ.
2009 ලාහොර් ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේදී ක්‍රීඩා කිරිමට බොහෝ ක්‍රීඩකයින් අකමැති වු හෙයින් පාකිස්තානය සත්කාරකත්වය දරණ සියලු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සිදුවිය.
එහෙත් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක් සදහා 2015 දී සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයට පැමිණි අතර පසුගිය වසරේ ලාහෝරයේදි පැවති පාකිස්තාන සුපර් ලීග් විස්සයි-20 තරගාවලියට හිටපු බටහිර ඉන්දීිය කොදෙව් නායක ඩැරන් සෑමී ඇතුළු විදේශීය ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම සහාභාගි වුහ.
ඉන් පසුව ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතරද තරග වැදීමට පාකිස්තානයට හැකි විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය අපගේ ක්‍රිකට් ක්‍රීඩාවේ නව පුනරුදයක ආරම්භයයි. යයි පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්‍රාස් අහමඞ් ප්‍රකාශ කර සිටියේය.
- 088
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.