Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ තරගාවලිය සම කරති

කොදෙව්වෝ තරගාවලිය සම කරති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත පිලට එරෙහිව ඩොමිනිකාහි වින්ඞ්සර් පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 39 ජයක් ලැබූ බටහිර ඉන්දීය කොදෙව් පිල, තරග 2 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිලට  ඕවර 19.1 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 126 ක් පමණි.

නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා වූ කේන් විලියම්සන් පන්දු 28 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළ අතර ස්ලේඞ්න් කොට්රේල් කඩුලූ 3 ක්ද, සුනිල් නරේන් කඩුලූ 2 ක්ද බැගින් දවාගනිමින් කොදෙව් පිලේ ජයග‍්‍රහණය පහසු කළහ.  

කාසියේ වාසිය දිනූ බ්‍රෙන්ඩන් මැකලම්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 165 ක් රැස්කළේය.

පළමු තරගයේදී ලකුණු 52 ක් රැක්කළ ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර්, මෙම තරගයේදී ලකුණු 62 රැස්කරමින් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද දිනාගත්තේය. පන්දු 49 කදී වාර්තා වූ ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ලෙන්ඞ්ල් සිමන්ස් (36) සමග එක්වූ ෆ්ලෙචර්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

බටහිර ඉන්දීය කොදෙව් පිල -  ඕවර 20 කදී කඩුලූ 6 කට 165
(ලෙන්ඞ්ල් සිමන්ස් 36, ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර් 62, ඩැරන් බ‍්‍රාවෝ 14, ටෙ‍්‍රන්ට් බෝල්ට් 22/2)

නවසීලන්ත පිල -  ඕවර 17 කදී කඩුලූ 4 ක් දැවී 117
(කේන් විලියම්සන් 37, බ්‍රෙන්ඩන් මැකලම් 21, රොස් ටේලර් 21, ස්ලේඞ්න් කොට්රේල් 28/3, සුනිල් නරේන් 19/2)

036


අදහස් (0)

කොදෙව්වෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.