Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු 08 ක් ඇතුළත පිතිකරුවන් හතර දෙනකු දවාගැනීමට එංගලන්තය සමත් වූවත්, නිකෲමා බොනර් (නොදැවී 38) සහ ජේසන් හෝල්ඩර් (නොදැවී 37) එක්ව ගොඩනැංවූ සම්බන්ධතාව නිසා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්හ.
ලකුණු 286 ක ඉලක්කයක් කරා ගිය කොදෙව් පිල තරගය අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය.
කොදෙව් පිල සිය දෙවැනි ඉනිමේදී කිසිවකු නොදැවී ලකුණු 59 ක් ලබා සිටි නමුත් ජැක් ලීච් සහ බෙන් ස්ටෝක්ස් එක්ව ලකුණු 08 ක් ඇතුළතදී කඩුලු 4 ක් දවාගත්හ. ඒ සමගම කොදෙව් ලකුණු පුවරුව ලකුණු 67 ට කඩුලු 4 ක් ලෙසින් වෙනස් වූ නමුත් නිකෲමා බෝනර් සහ ජේසන් හෝල්ඩර් එක්ව, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනඟමින් කොදෙව් පිල අවදානමෙන් මුදවා ගත්හ.
තරගයේ ඕවර 22 ක් ඉතිරිව තිබියදී ජැක් ලීච්ගේ පන්දුවක් හෝල්ඩර්ගේ පා ආවරණයේ වැදුණද විනිසුරුවරයා එය නොදැවීමක් ලෙසින් තීරණය කළේය. විතීවි අවස්ථාවක් ඉතිරිව තිබියදීත්, එංගලන්ත ක්‍රීඩකයෝ එය විතීවි අදියරට යොමු නොකළහ. එහෙත් පන්දුවේ ගමන් මග නිරූපනය කෙරෙන තාක්‍ෂණයෙන් පෙන්නුම් කළේ පන්දුව හෝල්ඩර්ගේ පා ඉන්නේ වදින බවයි.
ඕවර 22 ක් ඉතිරිව තිබූ බැවින් එම අවස්ථාවේදී ජේසන් දැවී ගියේ නම් කොදෙව් පිලේ පසුපෙළ පිතිකරුවන් පිටියට ගෙන්වා ඔවුන් අමාරුවේ දැමීමේ අවස්ථාව එංගලන්තයට තිබිණ.
එංගලන්තය - පළමු ඉනිම 311 යි
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 375 යි
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 349 යි
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 33, ජෝන් කැම්බෙල් 22, නිකෲමා බොනර් නොදැවී 38, ජේසන් නොදැවී 37, ජැක් ලීච් 57/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.