Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ ටෙස්ට් තරගාවලිය සම කරති

කොදෙව්වෝ ටෙස්ට් තරගාවලිය සම කරති

ශනුක අරවින්ද - 2015 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්ත පිල අතර බාබඩෝස්හි කෙන්සිංටන්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.

ඒ අනුව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස අවසන් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිල කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පළමු ඉනිමේදී අර්ධ ශතකයක් (85) ලබාගත් ජර්මියන් බ්ලැක්වුඞ් දෙවැනි ඉනිමේදීද හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 47 ක් රැස්කරමින් කොදෙව් පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

බ්ලැක්වුඞ් සමග එක්ව දෙවැනි ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඩැරන් බ‍්‍රාවෝ (82) සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

ලකුණු 68 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත පිලට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 123 ක් පමණි. එහිදී ජෙරම් ටේලර්, ජේසන් හෝල්ඞ්ර් සහ වීරසාමි පර්මවුල් කඩුලූ 3 බැගින් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් අසරණ කළහ.   

කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එංගලන්ත පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 257
(ඇලෙස්ටෙයාර් කුක් 105, ගැරී බැලන්ස් 18, ජෝ රූට් 33, මොයින් අලී 58, බෙන් ස්ටෝක්ස් 22, ජෙරම් ටේලර් 36/3, ජේසන් හෝල්ඩර් 34/2, ශැනෝන් ගේබි‍්‍රයල් 47/2)

කොදෙව් පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 189
(ශිව්නරේන් චන්ද්‍රපෝල් 25, ජර්මියන් බ්ලැක්වුඞ් 85, වීරසාමි පර්මවුල් 18, ජෙරම් ටේලර් 15, ජෙම්ස් ඇන්ඩසන් 42/6)

එංගලන්ත පිල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 123
(ගැරී බැලන්ස් 23, බෙන් ස්ටෝක්ස් 32, ජොස් බට්ලර් නොදැවී 35, ජේසන් හෝල්ඞ්ර් 15/3, ජෙරම් ටේලර් 33/3, වීරසාමි පර්මවුල් 43/3)

කොදෙව් පිල දෙවැනි ඉනිම - කඩුලූ 5 ක් දැවී 194
(කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 25, ඩැරන් බ‍්‍රාවෝ 82, මාලන් සැමුවෙල්ස් 20, ජර්මියන් බ්ලැක්වුඞ් නොදැවී 47)

-036

 


අදහස් (0)

කොදෙව්වෝ ටෙස්ට් තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.