Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වන්ට ලකුණු 7 ක තියුණු ජයක්
කාන්තා ලෝක කුසලාන - 2022

කොදෙව්වන්ට ලකුණු 7 ක තියුණු ජයක්

editorial - 2022 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නියන්ගේ දක්ෂතා හේතුවෙන් එංගලන්තට එරෙහිව ඩනේඩින්හිදී අද (9 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගය ලකුණු 7 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කාන්තා පිලට ඕවර 47.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 218 ක් පමණි.

ලකුණු 94 කට කඩුලු 5 ක් දැවී තිබියදී 6 වැනි කඩුල්ල සඳහා එක්වූ ඩැනී වයිට් සහ සොෆියා ඩන්ක්ලි පන්දු 46 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් පවත්වමින් කඩා වැටුණු එංගලන්ත ඉනිම ගොඩ නැගීමට සමත්වූහ. නමුත් තවත් ලකුණු 2 ක් තුල මැද පෙළ කඩුලු 3 ක් දැවී යාමෙන් එංගලන්ත ඉනිම නැවතත් කඩා වැටුණි.

පසුපෙළ පිතිකරුවන් වූ සොෆී එක්ලෙක්ස්ටන් සහ කේට් ක්‍රොස් එංගලන්ත ඉනිම නැවතත් ගොඩනැගීමේ වගකීම බාරගනිමින් 9 වැනි කඩුල්ල සඳහා පන්දු 74 කදී ලකුණු 61 ක සම්බන්ධතාවත් ගොඩනැඟුවද ජයග්‍රහණය පෙනි පෙනී කේට් ක්‍රොස් ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවූවාය. අවසන් කඩුල්ල ලෙස පිටියට පිවිසි ආන්‍ය ශ්‍රබ්සෝල්ට මුහුණදීමට හැකිවූයේ පන්දු 2 කට පමණි. අනීසා මොහොමඩ්ගේ පන්දුවක් කඩුලුලේ වැදීමෙන් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට ශ්‍රබ්සෝල්ට සිදුවිය.

ශමිලියා කොනෙල් කඩුලු 3 ක් ද, අනීසා මොහොමඩ් සහ හේලි මැතිව්ස් කඩුලු 2 බැගින් ද දවාගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 225 ක් ලබාගත්හ. පළමු කඩුල්ල සඳහා පන්දු 121 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් පැවැත්වීමට ඩීන්ඩ්‍රා ඩොටින් සහ හේලි මැතිව්ස් සමත්වූ අතර 5 වැනි කඩුල්ල සඳහා පන්දු 137 කදී ලකුණු 123 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශේමේයින් කැම්බල් සහ චේඩීන් නේෂන් සමත්වූහ.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ශේමේයින් කැම්බල් පන්දු 80 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 66 ක් ලබාගත්තාය. චේඩීන් නේෂන් පන්දු 74 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 49 ක් ද, හේලි මැතිව්ස් පන්දු 58 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් ලබාගත්තාය. ඊට අමතරව ඩීන්ඩ්‍රා ඩොටින් පන්දු 64 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් ලබාගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නාය.

ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගනිමින් සොෆී එක්ලෙක්ස්ටන් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.
ශේමේයින් කැම්බල් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.


බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 225
(ඩීන්ඩ්‍රා ඩොටින් 31, හේයිලි මැතිව්ස් 45, ශේමේයින් කැම්බල් 66, චේඩීන් නේෂන් නොදැවී 49, සොෆී එක්ලෙක්ස්ටන් 20/3)

එංගලන්තය - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී 218
(ටමී බියුමවුන්ට් 46, ඩැනී වයිට් 33, සොෆියා ඩන්ක්ලි 38, සොෆී එක්ලෙක්ස්ටන් නොදැවී 33, කේට් ක්‍රොස් 27, ශමිලියා කොනෙල් 38/3, අනීසා මොහොමඩ් 24/2, හිලී මැතිව්ස් 40/2)


- 2079

 


අදහස් (0)

කොදෙව්වන්ට ලකුණු 7 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.