තාරක ධනංජයගේ ශතකය (141) නිසා කොළඹදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගයෙන් කුරුණෑගල ශාන්ත ආනා විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 10 ජයක් වාර්තා කිරීමට කොළඹ කේරි විදුහල සමත්විය.
ශාන්ත ආනා විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 112 ක් පමණි. එහිදී චරිත් රාජපක්ෂ ලකුණු 31 කට කඩුලූ 6 ක් දවාගනිමින් ශාන්ත ආනා විදුහලේ පිතිකරුවන් අසරණ කළේය. පළමු ඉනිමේදී දවාගත් කඩුලූ 2 ත් සමගින් චරිත් තරගයේදීම දවාගත් මුලූ කඩුලූ සංඛ්‍යාව 8 කි.
කේරි විදුහල පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලූදෙනා දැවී 262
(තාරක ධනංජය 141, ගිමන්ත විජයබාහු 28, චරිත් රාජපක්ෂ 20, මෙහොමඞ් අෆ්සාල් 65/4, යොහාන් කල්හාර 82/4, ජනිත් පෙරේරා 37/2)
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 47 කදී සියලූදෙනා දැවී 140
(හිමාල් හසරංග 42, මනෝරංග වික‍්‍රමගේ 42, දීමන්ත රනුෂ් 36/4, චරිත් රාජපක්ෂ 39/2)
ශාන්ත ආනා විදුහල දෙවැනි ඉනිම - ඕවර 37.5 කදී සියලූදෙනා දැවී 112
(රන්දීර රණසිංහ 42, චරිත් රාජපක්ෂ 31/6, චමල් චාමික 12/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.