Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුලරත්න විදුහලට ඉනිමක ජයක්

කුලරත්න විදුහලට ඉනිමක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කසුන් තාරකගේ සහ චලිත චමෝද්ගේ දක්ෂ පන්දු යැවීමත්, සචින් අවිශ්කගේ අනර්ග ශතකයත් නිසා අම්බලන්ගොඩ නගරසභා කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 121 ක ජයක් ලබාගැනීමට අම්බලන්ගොඩ පී. එස්. ද කුලරත්න මහ විදුහල ඊයේ (14 වැනිදා) සමත්විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 235 ක් රැස්කිරීමේ අසීරු අභියෝගයකට මුහුණදුන් ජයවර්ධනපුර මහ විදුහලට සිය දෙවැනි ඉනිම සඳහා සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 113 ක් පමණි.

එහිදී චලිත චමෝද් ලකුණු 45 කට කඩුලූ 9 ක් දවාගනිමින්ද කසුන් තාරක ලකුණු 52 කට කඩුලූ 8 ක් දවාගනිමින්ද විශාල ලකුණු ප‍්‍රමාණයක් හඹා ගිය ජයවර්ධනපුර මහ විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූහ.

පී. එස්. ද කුලරත්න මහ විදුහල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ සචින් අවිශ්ක පන්දු 163 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 103 රැස්කළේය.

අමන්ත මධුසංක (70) සහ චලිත චමෝද් (56) අර්ධ ශතක රැස්කරමින් පී. එස්. ද කුලරත්න මහ විදුහලේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 331 ක් දක්වා ඔසවා තැබීම සඳහා නායක සචින් අවිශ්කට අගනා සහයක් දුන්හ.

පී. එස්. ද කුලරත්න මහ විදුහල පළමු ඉනිම ඕවර 73 කදී කඩුලූ 9 කට 331
(සචින් අවිශ්ක නොදැවී 103, අමන්ත මධුසංක 70, චලිත චමෝද් 56, කසුන් තාරක 46, ප‍්‍රභාත් සමීර 31, කසුන් කල්පන 104/6, කවිඳු දිසානායක 89/3)

ශී‍්‍ර ජයවර්ධනපුර මහ විදුහල පළමු ඉනිම ඕවර 34.5 කදී සියලූදෙනා දැවී 97
(බුද්ධික රුවන් 42, නවීන් මධුෂාන් 20, චලිත චමෝද් 21/4, කසුන් තාරක 39/3, නිමාන් සාරංග 14/2)

ශී‍්‍ර ජයවර්ධනපුර මහ විදුහල දෙවැනි ඉනිම ඕවර 42.4 කදී සියලූදෙනා දැවී 113
(රුවින් විඳුරංග 29, කසුන් තාරක 13/5, චලිත චමෝද් 24/5)

036


අදහස් (0)

කුලරත්න විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.