කී‍්‍රඩා ඇමැති නවීන් දිසානායක මහතා එම ධුරයට පත්වීමෙන් පසු පළමු වරට සිකුරාදා (23) මෙට්ලන්ඞ් පෙදෙසේ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට පැමිණ එහි සභාපති ජයන්ත ධර්මදාස මහතා මුණගැසුණු බව වාර්තා වේ.
සිකුරාදා දහවල් කි‍්‍රකට් ආයතන මූලස්ථානය ඉදිරිපිට පැවැති ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට සුබ පැතීමේ උත්සවයට සහභාගිවීමට පැමිණි ඇමැතිවරයා කි‍්‍රකට් මූලස්ථානය තුළට පැමිණෙන තුරුත් කි‍්‍රකට් නිලධාරින් ඒ පිළිබඳව දැන නොසිටි බව ද කි‍්‍රකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.
කී‍්‍රඩා ඇමැතිවරයා පිළිගැනීමට කි‍්‍රකට් මූලස්ථානයේ ප‍්‍රධාන දොරටුව අබියස දී මල්මාලා සූදානම් කර තිබුණත් නොදන්වා පැමිණීම හේතුවෙන් ඇමැතිවරයාට ඒවා පැළඳවීමට සිදුවූයේ කි‍්‍රකට් මූලස්ථානයෙන් පිටව යන අතර බවද දැන ගන්නට ලැබිණ.
ඇමැතිවරයා අනපේක්ෂිත අවස්ථාවක සභාපතිවරයාගේ කාමරය ඉදිරිපිට සිටිනු දැකීමෙන් සභාපතිවරයා විමතියට පත්ව තිබේ. අනතුරුව ඇමැතිවරයා ඔහු හා සුළු වේලාවක් සභාපති කාමරයේ කතාබහ කරමින් සිට කි‍්‍රකට් මූලස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී එහි සේවිකාවන් කීප දෙනෙකු පැමිණ මල් මාලා පළඳවා තිබේ.
කි‍්‍රකට් මූලස්ථානයෙන් එළියට පැමිණි ඇමැතිවරයා අනතුරුව ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට සුබපැතීමේ උත්සවයට එක්වෙමින් මේ වනවිට නවසීලන්තයේ ගත කරන ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ”ස්කයිප්” තාක්ෂණය ඔස්සේ සිය සුබපැතුම් පිරිනමා තිබේ.
කී‍්‍රඩා ඇමැතිවරයා කි‍්‍රකට් මූලස්ථානයේ ඉහළ මාලයට පැමිණෙන තුරුත් එහි නිලධාරින් නොදැන සිටීමට හේතුවක් වී ඇත්තේ ඇමැතිවරයා පරිවාර රථ හෝ ආරක්ෂකයන් නොමැතිව සිය නිල රථය පමණක් යොදා ගනිමින් උත්සවයට පැමිණීම බවද වැඩිදුරටත් දැන ගන්නට ඇත.
●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.