Last Update  :  2026-03-23 12:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිංග්ස්වුඩ් විදුහලට ලකුණු 148 ක ජයක්
119 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය

කිංග්ස්වුඩ් විදුහලට ලකුණු 148 ක ජයක්

editorial - 2026 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂේන් සෙනෙවිරත්න

අස්ගිරිය ක්‍රීඩාංගනයේදී නිමාව දුටු ධර්මරාජ - කිංස්වුඩ් 119 වැනි මහා ක්‍රිකට් ගැටුමේදී වසර 68 කට පසුව ජය  වාර්තා කිරීමට නිකේෂල නානායක්කාරගේ නායකත්වයෙන් යුතු කිංස්වුඩ් විදුහල් පිල සමත් විය. ඉරිදා නිමාවූ මෙම තරගයේදී කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ ලකුණු 148 ක ජයක් වාර්තා කළහ.

ජයග්‍රාහී කිංස්වුඩ් පිල වෙනුවෙන් කවීජ ගමගේ ඉනිම දෙකේදීම ශතක දෙකක් (112 සහ 100) වාර්තා කිරීමට සමත් වූ අතර පන්දුවෙන්ද දස්කම් දක්වමින් ප්‍රතිවාදී කඩුලු 08 ක් බිඳ හෙළීමට සමත් විය. ඔහුට අනගි සහයක් දැක්වූ කෙනුල පිහිලිඅංග ඉනිම දෙකේදී කඩුලු 11 ක් බිඳ හෙළීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් කිංස්වුඩ් පිල සියලු දෙනා දැවී ලකුණු 226 වාර්තා කිරීමට සමත් වූ අතර ඊට පිළිතුරු වශයෙන් ධර්මරාජ පිලට පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි. දෙවනි ඉනිම සඳහා කිංස්වුඩ් ක්‍රීඩකයන් කඩුලු 04ක් දැවී 248 ලබා සිටියදී එතකොට පහර දීම අත්හිටුවා ධර්මරාජ පිලට පන්දුවට පහර දෙන ලෙස ආරාධනා කළේය.

ඒඅනුව පිටියට පිවිසි ධර්මරාජ පිලට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි.

 


කිංස්වුඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී ලකුණු 226
(චානුක කොඩිතුවක්කු 10, කවීජ ගමගේ 112, සනිරු අනුහස් 25, ඉශාන් අයෝධ්‍ය 19, කෙනුල පිහිලිඅංග 19, සුමේධ ප්‍රසාද 37/2, සසිත් බණ්ඩාර 80/5, කේශන ගුණවර්ධන 53/3)

ධර්මරාජ - පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 160
ජනුත් ජයසිංහආරච්චි 10, ජයෝද්‍ය කඩිගාව 18, සසිත් බණ්ඩාර 46, මන්දිල් ගුණවර්ධන 59, කවීජ ගමගේ 70/4, කෙනුල පිහිලිඅංග 42/5)

කිංස්වුඩ් දෙවන - ඉනිම කඩුලු 4 ට 248
(ආදිල් ෂෙරිෆ් 71, මනුල විජේතුංග 19, චනුල් කොඩිතුවක්කු 31, කවීජ ගමගේ නොදැවී 100, දිනුදු සයුරංග නොදැවී 13, ඉසුරු සමරතුංග 82/3)

ධර්මරාජ - දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 166
(කාශ්‍යප දිසානායක 14, තරිඳු වර්ණකුලගේ 26, ඔමේෂ් ඒකනායක 34, ප්‍රයෝද්‍ය කඩිගාව 16, කවීජ ගමගේ 70/4, කෙනූල පීලිඅංග 54/6)


අදහස් (0)

කිංග්ස්වුඩ් විදුහලට ලකුණු 148 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.