Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිංග්ස්වුඩ් ආදි සිසුහු වාර්ෂික තරගය දිනති

කිංග්ස්වුඩ් ආදි සිසුහු වාර්ෂික තරගය දිනති

editorial - 2026 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

.

(ෂේන් සෙනෙවිරත්න)

ධර්මරාජ - කිංස්වුඩ්  මහා ක්‍රිකට් තරඟයට සමගාමීව පවත්වනු ලබන සාම්ප්‍රදායික ක්‍රිකට් තරගයක් වන ක්ලිෆර්ඩ් රත්නවිභූෂණ සහ ආතර් අල්විස් අනුස්මරණ කුසලාන ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගයේ ශූරතාවය දිනාගැනීමට කිංස්වුඩ් ආදි ශිෂ්‍ය ක්‍රිකට් පිල සමත් විය.

ධර්මරාජ ක්‍රිකට් පදනම සහ ආදී කිංස්වුඩ්  ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කෙරෙන මෙම ක්‍රිකට් තරඟය මෙවර 20 විස්ස තරඟයක් වශයෙන් ධර්මරාජ විද්‍යාලයේ ලේක් විව් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරඟයේ වීරයා සම්මානය කිංස්වුඩ් පිලේ ඔමිල වීරසූරිය විසින් දිනාගන්නා ලද අතර හොඳම පිතිකරු සම්මානය ධර්මරාජ පිලේ නුවන් ඒකනායකට හිමිවිය.

 

ධර්මරාජ ආදි සිසු කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 ට 145 යි
(ප්‍රසන්න වළලවෙල 24, නුවන් ඒකනායක 48, අසංක මාරපන 15, අතුල වීරරත්න නොදැවී 11, ඔමිල වීරසූරිය 17/3, තුෂාර මදනායක 20/1, සුවන්ජි මදනායක 28/4)

කිංස්වුඩ් ආදි සිසු කණ්ඩායම - ඕවර 16.4 කදී කඩුලු 4 ට 146 යි
(බුද්ධික ඒකනායක 37, ඔමිල වීරසූරිය 38, සුවංජි මදනායක 23, අසංක මාරපන 33/4,)


අදහස් (0)

කිංග්ස්වුඩ් ආදි සිසුහු වාර්ෂික තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.