Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කැළණිය ගුරුකුලට කඩුලු 7 ක ජයක්

කැළණිය ගුරුකුලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති 28 වැනි වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජය ගැනීමට කැළණිය ගුරුකුල විද්‍යාලය අද (1 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ඕවර 46.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණි.

ලකුණු 27 ක් රැස්කළ යුගීෂා දිශාන් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර පෘතුවි රුද්සර ලකුණු 09 කට කඩුලු 3 ක් සහ ලසිඳු අරෝෂ ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සදහා ලකුණු 116 ක ඉලක්කයක් හඹාගිය කැළණිය ගුරුකුල විද්‍යාලය ඕවර 26.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ප්‍රවීන් නිමේෂ ලකුණු 37 ක් සහ කෙමිර නයනතරූ ලකුණු 31 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පෘතුවි රුසාර නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් ගුරුකුල විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.


ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී ලකුණු 115
(යුගීෂ දිශාන් 27, පෘතුවි රුද්සර 09/3, ලසිඳු අරෝෂ 17/3 )

ගුරුකුල විද්‍යාලය - ඕවර 26.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 116
(ප්‍රවීන් නිමේෂ 37, කෙමිර නයනතරූ 31, පෘතුවි රුසාර නොදැවී 26, යුගීෂ දිශාන් 20/2)    

 


අදහස් (0)

කැළණිය ගුරුකුලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.