Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා විස්සයි:20 තරග හෙට සිට

කාන්තා විස්සයි:20 තරග හෙට සිට

Dilrukshi - 2015 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය අද (23) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගය පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය සදහා නම් කර ඇති ශ‍්‍රී ලංකා විස්සයි20 සංචිතයට හිටපු උප නායිකාවන් වන උදේෂිකා ප‍්‍රබෝදනී සහ හසිනි පෙරේරා කැදවා සිටිති.

මෙවර ශී‍්‍ර ලංකා සංචාරයේ පැවැති එක්දින තරගාවලිය 3-1 ක් ලෙස ජය ලැබීමට කොදෙව් කාන්තා සමත් විය. දෙවැනි සහ තෙවැනි විස්සයි20 තරග මේ මස 25 සහ 26 දෙදින ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ශ‍්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය:

චමරි අතපත්තු (නායිකා), ඒෂානි ලොකුසූරිය (උප නායිකා), යශෝධා මෙන්ඩිස්, ඩිලානි මනෝදර, ශෂිකලා සිරිවර්ධන, ශ‍්‍රීපාලි වීරක්කොඩි, නිපුනි හංසිකා, අමා කාංචනා, ඉනෝකා රණවීර, සුගන්චිකා කුමාර, හසිනි පෙරේරා, උදේෂිකා ප‍්‍රබෝදනී, චතුරානි ගුණවර්ධන සහ මධුරි සමුදිකා  

 


අදහස් (0)

කාන්තා විස්සයි:20 තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.