Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා කි‍්‍රකට් පිල හෙට පිටියට පිවිසෙයි

කාන්තා කි‍්‍රකට් පිල හෙට පිටියට පිවිසෙයි

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාව පදක්කම් බලාපොරොත්තු තබා සිටින කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල හොං කොං පිලට එරෙහිව හෙට (23) පස්වරු 1.00 ට පළමු අර්ධ අවසන් පූර්ව තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකාව මෙම තරගාවලියේ පළමු වටයට සහභාගි නොවූ අතර අර්ධ අවසන් පූර්ව තරගයේ සිට තරගාවලියට පිවිසෙයි. ඒ අනුව චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල රන් පදක්කම සදහා තරග තුනක් ජය ලැබිය යුතුය. මෙම තරගාවලියට ශ‍්‍රී ලංකාවට අමතරව ප‍්‍රබල කණ්ඩායම් වන බංග්ලාදේශය සහ පාකිස්තානය සහභාගි වෙයි.  

ශ‍්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම සහභාගි වන පළමු වටයේ තෙවැනි සහ අවසන් තරගය හෙට (23) පස්වරු 1.00 ට පැවැත්වේ. ශ‍්‍රී ලංකා පිල පළමු තරග දෙකේදී පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පරාජය විය.

 


අදහස් (0)

කාන්තා කි‍්‍රකට් පිල හෙට පිටියට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.