ලොවපුරා ජනප්‍රියව පවතින ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාන්තා සංස්කරණය ඉදිරි වසර තුනක කාළය තුළ ඉදිරිපත් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි.
කාන්තා තරගාවලිය ගොඩනැගීම සඳහා ප්‍රධාන පෙළේ කාන්තා ක්‍රීඩිකාවන් සහභාගී කරවා ගනිමින් මේ මස අවසානයේ මුම්බායිහී වැන්කඬේ ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශනාත්මක විස්සයි20 තරගයක් පැවැත්වීමට මේ වනවිටත් කටයුතු යොදා තිබේ.
“වසර දෙකක් හෝ තුනක් ඇතුළත කාන්තා අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමට අපි සැලසුම් සකස්කරමින් සිටිනවා” යැයි ඉන්දිය ක්‍රිකට් ආයතනයේ පරිපාලක විනෝද් රායි මහතා පැවසීය.
අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ පවතින නිතී සහ රෙගුලාසී වලට අනුකූලව මේ මස 22 වැනිදා මුම්බායිහිදී ඕස්ටේ්‍රලියානු, එංගලන්ත සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සමගින් ඉන්දීය ක්‍රීඩිකාවන් තරග වදිනු ඇත.
වැන්කඬේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පිරිමි අයි.පී.එල්. තරගාවලියේ පළමු සුදුසුකම් ලබාගැනීමේ තරගයට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල කාන්තා කණ්ඩායම සහ අයි.පී.එල්. කාන්තා කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගය පැවැත්වෙන බව විනෝද් රායි මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.