ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල සහ රාගම කරුණාරත්න බෞද්ධ විදුහල අතර ජා ඇලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ක්‍රිස්තු රාජ විදුහල සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 18 කට කඩුලු 7 ක් දවාගැනීමට කරුණාරත්න බෞද්ධ විදුහලේ කවිඳු ආමන්ත සමත් වූ අතර ලකුණු 14 කට කඩුලු 6 ක් දවාගැනීමට ක්‍රිස්තු රාජ විදුහලේ කොළඹ ගමගේ සමත් විය.
කරුණාරත්න බෞද්ධ විදුහල පළමු ඉනිම - ඕවර 28.1 කදී සියලු දෙනා දැවී 94
(ඕසිත සුබෝධ 14, කොළඹ ගමගේ 14/6, අභිෂේක් පෙරේරා 37/3)
ක්‍රිස්තු රාජ විදුහල පළමු ඉනිම - ඕවර 34.5 කදී සියලු දෙනා දැවී 132
(මනෝජ් සුදර්ෂණ 70, කවිඳු ආමන්ත 16/7, අභිෂේක් විමුක්ති 41/2)
කරුණාරත්න බෞද්ධ විදුහල දෙවැනි ඉනිම - ඕවර 25.4 කදී සියලු දෙනා දැවී 101
(රෙනුජය ශසිමාල් 34, නිසල් මාලිංග 26/4, අභිෂේක් පෙරේරා 17/4)
ක්‍රිස්තු රාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුලු 3 ක් දැවී 65
(මනෝජ් සුදර්ෂණ 44)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.