Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් නාමයෝජනාවලට විරෝධතා 15 ක්

ක්‍රිකට් නාමයෝජනාවලට විරෝධතා 15 ක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනාවලට එරෙහිව විරෝධතා 15 ක් ඉදිරිපත් වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

ක්‍රිකට් නාමයෝජනාවලට විරෝධතා ඉදිරිපත් කිරීම අද (31) පස්වරු 3.00 ට අවසන් විය. පසුගිය දෙසැම්බර් මස 17 වැනිදා නාමයෝජනා බාරගැනීම අවසන් වූ අතර එදින සිට ඊයේ දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබාදී තිබුණි.

මෙම විරෝධතා පිළිබඳව සළකා බැලීම අද සහ හෙට (1 සහ 2) සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය ලබන පෙබරවාරි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය.  


අදහස් (0)

ක්‍රිකට් නාමයෝජනාවලට විරෝධතා 15 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.