ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය මේ මස 31 වන දින පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර ඇත.
මෙම මස 19 වන දින පැවැත්වීමට තිබූ වාර්ෂික සභා රැස්වීම හා නිලවරණය මෙම මස අවසානය තෙක් ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරවලට අනුකූලව කල් දැමීමට නියෝග කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
තවද ජාතික ක්‍රීඩා සංගමයක පරිපාලනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් පත් කර ගනු ලබන නිලධාරී මණ්ඩලයක අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් නීති උපදෙස් විමසීමකින් අනතුරුව 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ (සංශෝධිත) 39(1) වගන්තියට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ නිලධාරීන් පත් කර ගත යුතු බව තවදුරටත් එම නිවේදනයේ සඳහන් විය.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.