Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පඩි තුන් ගුණයකින් වැඩි වෙයි

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පඩි තුන් ගුණයකින් වැඩි වෙයි

editorial - 2023 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගයකට සහභාගි වීම සඳහා ගෙවන මුදල ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ. ජනවාරි මස 31 වැනිදා පැවැති විධායක කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

ඒ අනුව මේ දක්වා ජාත්‍යන්තර තරගයකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවකට ගෙවනු ලැබූ ඇමරිකානු ඩොලර් 250 ක මුදල, එමෙන් තුන් ගුණයකින් ඇමරිකානු ඩොලර් 750 ක් දක්වා වැඩි කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අතිරේක ක්‍රීඩිකාවන්ටද එම මුදලින් 25% ක් ගෙවනු ලැබේ. 

ඊට අමතරව ජයගන්නා සෑම ජාත්‍යන්තර තරගයක් සඳහාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඇමරිකානු ඩොලර් 250 ක බෝනස් මුදලක් ගෙවීමටද විධායක කමිටුව එකඟ වී ඇත. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට රැගෙන යෑමේ අරමුණින් මෙම තීරණ ගෙන ඇති අතර මෙය ජනවාරි මස 1 වැනිදා සිට වලංගු වේ. 

-036 


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පඩි තුන් ගුණයකින් වැඩි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.