Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කසුන් ශතකයක් රැස්කරයි

කසුන් ශතකයක් රැස්කරයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද  (26) ආරම්භ වූ 53 වැනි ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට තර්ස්ටන් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 252 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් වන විට කසුන් අබේරත්න (නොදැවී 125) සහ ඉමේෂ් විරංග (නොදැවී 22) පන්දුවට පහර දෙමින් සිටියහ.

දකුණත් පිතිකරු කසුන් අබේරත්න අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 302 කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 125 ක් රැස් කිරීමට සමත් විය.

ඉසිපතන විදුහල කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තර්ස්ටන් විදුහලට ආරාධනා කළේය.

හෙට (27) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි

 


තර්ස්ටන් විදුහල පළමු ඉනිම ඕවර 95 කදී කඩුලූ 3 ට 252
(කසුන් අබේරත්න නොදැවී 125, සජිත් ගුණතිලක 35, චරණ නානායක්කාර 37, ඉමේෂ් විරංග නොදැවී 22, ප‍්‍රමෝද් මධුවන්ත 46/2)

 

ඡායාරූපය - කුෂාන් පතිරාජ


අදහස් (0)

කසුන් ශතකයක් රැස්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.